සුජිත් හේවාජුලිගේ
පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත්වුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටකට වැඩි පිරිසක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා තරග වැදීමට අදහස් කරගෙන සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල ද පළාත් සභාවට තරග වැදීමට එසේ අදහස් කරගෙන සිටින බව දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් පාලන මැතිවරණයට තරඟ වැදීමට විවිධ අපහසුතා සහ ප්‍රායෝගික ගැටලු පවතින හෙයින් පළාත් සභා මැතිවරණයට තරග වැදීමට මෙසේ අදහස් කරගෙන සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි. පළාත් සභාවන්ට මෙසේ තරග කිරීමට තීරණය කර සිටින්නේ එම සභාවන්හි කාලයක් කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදහස් කරගෙන සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක පැවසීය.
මේ සියලුම මැතිවරණ කඩිනමින් පැවැත්වීමට අදහස් කරගෙන සිටින බවද ඔහු කීවේය. පළාත් පාලන ඡන්දයට පැවැත්වීමට අදාළ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරි දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පැවසීය.
2025 දෙසැම්බර් මස 16
51
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
844
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පැරදුණු මන්ත්‍රී හැටක් පළාත් සභාවට ඉල්ලති