IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නිල වශයෙන් කියන්න මම යනවා - මහින්ද රාජපක්ෂ

නිරෝෂන් ප්‍රේමරත්න
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය. මහින්ද රාජපක්ෂගේ නිල නිවෙස සම්බන්ධයෙන් උද්ගතව ඇති සංවාදය සම්බන්ධයෙන් කළ විමසුමක දී හෙතම ‘ඉරිදා ලංකාදීප’යට මේ බව ප්‍රකාශ කළේය. 

“හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන නිල නිවෙස් හෝ පහසුකම් සම්බන්ධයෙන් වර්තමාන රජය ගන්නා ඕනෑම තීරණයක් පිළිගැනීම මේ රටේ පුවරවැසියෙකු ලෙස මගේ වගකීමක්. මේ නිවසින් ඉවත්වෙන්න කියලා මට ලිඛිතව දැනුම් දීමක් කළා නම් මම ඒ කියන දිනයට ඉන් ඉවත් වෙනවා. ඒත් මේක කිව්වේ ජනතාවට. මම ජනතා නියෝජිතයෙකු විදියට මේ රටේ මිනිස්සුන්ට අවංකව සේවය කළා. මේ ආණ්ඩුව පත් කළේත් ජනතාව. ඒ නිසා ආණ්ඩුව තීරණයක් ගෙන මට කිව්ව නම් මම යනවා.”
“මම බලෙන් නිල නිවසක ඉන්නෙ නෑ. එහෙම අවශ්‍යත් නෑ. ආණ්ඩුව නිලවශයෙන් මට ඉවත්වෙන්න කියන දිනයට මම ඉවත්වෙනවා. මේ නිවස ලක්ෂ 46කට කුලියට දීලා රටට අවශ්‍ය මුදල් හොයා ගැනීම ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. මට කියන්න තියෙන්නේ මං සම්බන්ධයෙන් ගන්නා ඕනෑම තීරණයක් ඉස්සෙල්ලා මට කියන්න. මාධ්‍යට කිව්වට පස්සෙනේ මම දන්නෙ. මට ඉස්සෙල්ලා කිව්වොත් මම මාධ්‍යයට කියලම ඒ තීරණ ක්‍රියාත්මක කරන්නම්.” යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.

 



අදහස් (0)

නිල වශයෙන් කියන්න මම යනවා - මහින්ද රාජපක්ෂ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site