IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දුප්පතුන් ලක්ෂ 3ක් ගොඩ ගන්න බැරිවෙලා

- සමෘද්ධියට විගණනයෙන් චෝදනාවක්

සුජිත් හේවාජුලිගේ

සමෘද්ධිලාභීන් ලක්ෂ 3 කට වැඩි පිරිසක් වසර විසි අටක් තිස්සේ (1995-2023) සමෘද්ධි ආධාර දිගටම ලබන නමුත් ස්වශක්තියෙන් නැගී සිටීම සඳහා  ඔවුන්  කිසිම ආකාරයකින් හෝ සවිබල ගන්වා නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අනුව සමෘද්ධි ව්‍යාපාරය අපේක්ෂා කළ අරමුණු සහ කාර්යභාරය ඉටුවී නොමැති බවට  විගණන නිලධාරිහු චෝදනා කරති.


සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීමේ විවිධ  වැඩසටහන් සඳහා  2019 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රුපියල් කෝටි 126 ක් වැය කර ඇතැයි පවසන විගණන කාර්යාලය, සවිබලගැන්වීම් පිළිබඳව නිශ්චිත ඉලක්කයක් හඳුනා ගැනීමකින් තොරව එම මුදල් වැය කර ඇති බවද සඳහන් කරයි.


සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව 2020, 2021 සහ 2022 වර්ෂවලදී පිළිවෙළින් සමෘද්ධිලාභීන් 1958ක්, 18629ක් සහ 21189ක් වශයෙන් හඳුනාගෙන තිබූ බවත්, වාර්ෂිකව සවිබල ගැන්වූ ප්‍රතිලාභීන් පිළිබඳ නිශ්චිත ඉලක්ක ඇතුළත් සැලැස්මකට අනුකූලව කටයුතු කර නොතිබූ බවත් එම වාර්තාවේ දැක්වේ.


සමෘද්ධිලාභීන් සවි බල ගැන්වීම සඳහා රජය වාර්ෂිකව  ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට  සාපේක්ෂව දෙපාර්තමේන්තුවේ  සවිබලගැන්වීම අවම මට්ටමක පැවතුණු  බව  එම වාර්තාව සඳහන් කරයි.


ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34ක ආදායම් උත්පාදන ව්‍යාපෘතිවල නියැලී සිටින  ප්‍රතිලාභීන් 1112 දෙනකුගේ සමෘද්ධි සහනාධාර ඉවත් කිරීමට කටයුතු කළ යුතු වුවත්  ග්‍රාමීය කමිටු ඒ සඳහා නිර්දේශ ලබාදී නොතිබූ බවද ජාතික විගණන කාර්යාලය පවසයි.

 



අදහස් (0)

දුප්පතුන් ලක්ෂ 3ක් ගොඩ ගන්න බැරිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site