IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දිට්වා කුණාටුවෙන් ගොවිබිම් හෙක්ටයාර් 125,000ක් මුළුමනින්ම විනාශයි

  • එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය

ලවංගා මාධවී දෑරංගල

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් කෘෂි බිම් හෙක්ටයාර් 125,600 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් නියෝජිත විමලේන්ද්‍ර ෂරන් විසින් දිට්වා සුළි කුණාටුවෙන් මෙරට ආහාර ක්ෂේත්‍රයට එල්ල වූ බලපෑම් පිළිබඳ සකස් කරන ලද වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව වී හෙක්ටයාර 108,000 ක්ද, අනෙකුත් ක්ෂේත්‍ර භෝග හෙක්ටයාර 11,000 ක්ද බඩඉරිඟු හෙක්ටයාර 6,600 ක්ද සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති බව පවසන එම වාර්තාව, මඩකලපුව, අනුරාධපුරය, පුත්තලම සහ පොළොන්නරුව යන ප්‍රදේශවල කුඹුරු ඉඩම්වලින් සියයට  75 ක් ද මොනරාගල, මාතලේ, මුලතිව් සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල කෙත්වතුවලින් සියයට 40-65 ක් පමණ ද විනාශ වී ඇති බව කියයි.

මෙරට යළි ගොඩනැගීමේ කටයුතුවල දී කුඩා පරිමාණ ගොවීන් සහ ධීවරයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, කෘෂි ආධාර ප්‍රමාද වුවහොත් ජාතික ආහාර සුරක්ෂිතතාවට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවත් එමගින් අනතුරු අඟවයි. 

කුරුණෑගල, අනුරාධපුර, පුත්තලම සහ හලාවත යන ප්‍රදේශවල කළ සංචාරවලින් පසු ඇස්තමේන්තු කර ඇත්තේ බීජ සහ පොහොර වහාම ලබා දෙන්නේ නම් හානියට පත් කුඹුරු ඉඩම්වලින් සියයට 25-30 ක් මෙම කන්නයේ නැවත වගා කළ හැකි බවය. ධීවර ප්‍රජාව ද බෝට්ටු, ආම්පන්න සහ ගොඩබෑමේ ස්ථාන යටිතල පහසුකම් ඉක්මනින් ප්‍රතිස්ථාපනය කිරීමේ අවශ්‍යතාව එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ජාත්‍යන්තර ආපදා ප්‍රඥප්තියේ චන්ද්‍රිකා දත්ත සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ CROPIX වගා දත්ත මගින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සිදු කළ තක්සේරු කිරීම් අනුව බෝග, පශු සම්පත්, ධීවර කටයුතු සහ මත්ස්‍ය වගාවට සිදු වූ දැඩි පාඩු තහවුරු කරගෙන ඇති අතර ගොවීන් සහ ධීවරයන් 5,000 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි කරගෙන ජීවනෝපායට සිදු වූ බලපෑම් පිළිබඳ වැඩිදුර සමීක්ෂණ සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද වාර්තා වේ සඳහන් ය.

ඒ අනුව ඉඩම් පුනරුත්ථාපනය, වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය, ධීවර වත්කම් ප්‍රතිස්ථාපනය සහ ගුණාත්මක බීජ සහ පොහොර බෙදා හැරීමේ කටයුතු සහතික කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය රජය සමඟ ඒකාබද්ධ ව යෝජනා සකස් කෙරෙමින් පවතී.

 

 



අදහස් (0)

දිට්වා කුණාටුවෙන් ගොවිබිම් හෙක්ටයාර් 125,000ක් මුළුමනින්ම විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 114 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 918 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site