තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට බලපෑමක් නෑ..
ලවංගා මාධවී දෑරංගල
පසුගිය සිකුරාදා (28 දා) දහවල් 12.50ට පමණ මියන්මාරයේ සගායිං ප්‍රදේශයේ ඇති වූ රික්ටර් මාපාංක 7.7ක ප්‍රබල භූ කම්පනයෙන් විශාල ජීවිත හා දේපළ සංඛ්‍යාවක් විනාශ වූ අතර එහි බලපෑම අසල්වැසි තායිලන්තය හා චීනය දක්වා ද ව්‍යාප්ත විය.
මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක් ඇතුළු ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් කඩා වැටිණි. තහවුරු වී ඇති මරණ සංඛ්‍යාව 8කි. නයිපිඩෝහි රෝහල් තුවාලකරුවන්ගෙන් පිරී ගොස් ඇති අතර ඓතිහාසික ආවා පාලම ද විනාශයට පත් විය.
මියන්මාර හමුදා ජුන්ටාව විසින් මැන්ඩලේ, සගායිං, ෂාන් ඇතුළු ප්‍රදේශ 6ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කොට ඇත. මියන්මාරයේ මියගිය පිරිස 144 ක් වූ අතර 732 ක් තුවාලලබා තිබේ.
භූමිකම්පාවෙන් තායිලන්තයේ බැංකොක්හි ඉදිවෙමින් පවතින මහල් 30ක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගල සංඛ්‍යාව 8 ක් බව සිකුරාදා සවස වාර්තා විය. අතුරුදන් සංඛ්‍යාව 117 ක් යැයි බීබීසී ය වාර්තා කළේය. එහෙත් ජීවිත හානි ප්‍රමාණය මීට වඩා වැඩිවිය හැකි බව පැවසේ.
තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙම භූමිකම්පාවෙන් මෙතෙක් හානි සිදුවී නැතැයි තායිලන්ත ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිකුරාදා සවස නිවේදනය කළේය.
බැංකොක් නගරය තුළ සැහැල්ලු දුම්රිය ඇතුළු දුම්රිය සේවා ඇණ හිට ඇති අතර කොටස් හුවමාරුව ද තාවකාලික ව නවත්වා ඇත. මෙහි බලපෑම චීනයේ යුනාන් සහ සිචුවාන් ප්‍රදේශ දක්වා ද පැතිර ගොස් ඇත. කම්පන තත්ත්වය පහ ව ගොස් නොමැති බැවින් ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩ ව ක්‍රියාත්මක ය. සමස්ත ජීවිත හා දේපළ හානි සංඛ්‍යාව තව ම තක්සේරු කර නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd