සුදර්ශනි කෝණාර
මේ දිනවල වායුගෝලයේ පවතින දැඩි උණුසුම් තත්ත්වය සුළඟ නොමැතිවීම සහ වායුගෝලයේ ජල වාෂ්ප වැඩි වීම හේතුවෙන් ඇති වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂා වර්ණසූරිය ප්‍රකාශ කළාය.
එය ලංකාවේ පවතින සාමාන්‍ය තත්ත්වයක් වන බව ද මෙරට වායුගෝලයේ වැඩි උණුසුම් තත්ත්වයක් සාමාන්‍යයෙන් ඇති නොවන අතර පසුගිය පෙබරවාරි මස සිට මැයි මස දී නිරිතදිග මෝසම ස්ථාපිත වන තෙක් මෙම තත්ත්වය අඩු වැඩි වශයෙන් පවතින බව ද ඇය තව දුරටත් පැවසුවාය.
දහවල් කාලයෙහි හිරු එළිය පොළොවට පතිතවන විට පොළොව රත් වීම නිසා පහළ වායු ගෝලයේ ජල වාෂ්ප වැඩි වීම හා සුළඟ නොමැතිකම නිසා වායුගෝලයේ පවතින රශ්මියට වඩා මිනිස් සිරුරට දැනෙන රශ්මිය වැඩි බව ඇය පැවසුවාය. දිවයිනේ සියලු ප්‍රදේශවලට මෙම තත්ත්වය බලපාන බවත් කඳුකර ප්‍රදේශවලට ද යම් මට්ටමකින් බලපාන බව වැඩි දුරටත් ඇය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd