IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජනපති අපේක්ෂකයෝ විස්සක් මහ ඡන්දෙට


සුජිත් හේවාජුලිගේ


ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනපති අපේක්ෂකයන්ගෙන් විස්සකට ආසන්න සංඛ්‍යාවක්  ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් වෙමින් සිටින බව බුද්ධි අංශ සහ දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසෙයි.

ජනපතිවරණයට ඉදිරිපත්වීමෙන් ගන්නා ප්‍රසිද්ධියෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා පදනම හදාගැනීම අපේක්ෂකයන් බහුතරයකගේ අරමුණවී ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මීට අමතරව තවත් අපේක්ෂකයන් කිහිප දෙනෙකු ආණ්ඩුකාර පදවි සහ සංස්ථා හෝ වෙනත් ආයතන සභාපතිකම් හෝ මුල් පුටු ලබා ගැනීමට අපේක්ෂා කරමින් සිටින බව බුද්ධි අංශ පවසයි. තවත් අය වෙනම දේශපාලන පක්ෂ පිහිටුවා ගැනීමට ද අරමුණු කරගෙන සිටින බව වාර්තාවේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 38 දෙනාගෙන් පහළොවකට වැඩි පිරිසක් කිසිදු ප්‍රචාරක කටයුත්තක නියැලී නැතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ජනාධිපති අපේක්ෂකයන් සංඛ්‍යාව හතරකි. සිඩ්නි ජයරත්න, ප්‍රේමසිරි මානගේ, වික්ටර් ඇන්තනි සහ  කේ.කේ. පියදාස එම අපේක්ෂකයෝ වෙති.



අදහස් (0)

ජනපති අපේක්ෂකයෝ විස්සක් මහ ඡන්දෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site