සුජිත් හේවාජුලිගේ
ඡන්ද මධ්‍යස්ථානවලදී කලබල ඇති කර ඡන්දයට බාධා කරමින් මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන් සහ මැර කණ්ඩායම් පාලනය සඳහා වෙඩි තැබීමට පොලීසියට බලයදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. එවැනි කලබල කරන පිරිස් වහාම අත්අඩංගුවට ගැනීමටද මැතිවරණ කොමිසම පොලීසියට උපදෙස් දී ඇත.
.
ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙර රට පුරා අනවසර ගිනිඅවි සහ පාතාල කල්ලි අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. විශේෂ බුද්ධි අංශ කණ්ඩායම් ද ඒ සඳහා යොදවා ගැනෙන බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය. රට පුරා අනවසර ගිනි අවි ලක්ෂ දෙකක් පමණ පවතින බවට ආරක්ෂක අංශ අනුමාන කරයි.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම ලබන 21 වැනිදා පැවැත්වේ. ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්දදායකයන් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ ලක්ෂයකි. මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට ඡන්දදායකයන් ලක්ෂ දහයක පමණ පිරිසක් අලුතින් එකතු වී සිටින බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
653
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1107
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දපොළේ කලබල කළොත් වෙඩි මැකෝගෙන් පොලීසියට උපදෙස්