උපුල් වික්‍රමසිංහ සහ කෞශල්‍යා ලක්ෂානි
සංචාරකයන් විසිදහස් පන්සිය පහළොවක් (20,515) මේ වසරේ සැප්තැම්බර් දක්වා ගත වූ මාස 9 ක කාලයේ දී මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව ජනවාරි මාසයේදී 773 ක් ද, පෙබරවාරි මාසයේදී 1988 ක් ද, මාර්තු මාසයේදී 2212 ක් ද, අප්‍රේල් මාසයේදී 3169 ක් ද, මැයි මාසයේදී 1506 ක් ද, ජූනි මාසයේදී 1515 ක් ද, ජූලි මාසයේදී 2962 ක් ද, අගෝස්තු මාසයේදී 3248 ක් ද සැප්තැම්බර් මාසයේදී 3142 ක් ද වශයෙන් ඊශ්‍රායල සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
මේ වනවිට මෙරට රැඳී සිටින සහ පිටව ගිය ඊශ්‍රායල සංචාරකයන් ප්‍රමාණය පිළිබඳ දැනගැනීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. මේ අතර පසුගිය 24 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කළේ දැනට රටේ ඊශ්‍රායල
ජාතිකයන් 575 දෙනකු රැඳී සිටින බවට කරුණු තහවුරු වී ඇති බවයි.
දිවයිනේ රැඳී සිටින ඊශ්‍රායල සංචාරකයන් ඉලක්ක කරගෙන ආරුගම්බේ ඇතුළු සංචාරක ගමනාන්ත කිහිපයකට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලද බුද්ධි තොරතුරු මත මේ වන විට එම ස්ථානවල ආරක්ෂාව තර කර ඇති අතර පසුගිය 24 වැනිදා ඊශ්‍රායල ජාතිකයන් 22 දෙදෙනකු රටින් පිටව ගිය බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. ඊශ්‍රායල ජාතිකයන් වැලිගම සහ ආරුගම්බේ ආශ්‍රිත ප්‍රදේශවල ඉදිකිරීම් ආරම්භ කර ව්‍යාපාර කර ගෙනයන බවත්, මෙරට වීසා නීති උල්ලංඝනය කරමින් සියොන්වාදී ආගමික ඇදහීම් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව ඉරිදා ලංකාදීපයට පැවසීය.
ඊශ්‍රායාල ජාතිකයන් ඔවුන්ගේ යුද්ධයට අදාළ විවිධ දේවල් මෙරට සිට සමාජ මාධ්‍ය වෙත යොමු කර ඇති බව ද, සියොන්වාදී පුද්ගලයන් මෙරට සිට ඒ ආකාරයේ ප්‍රචාරක කටයුතු සිදු කිරීම සංචාරක කර්මාන්තයට තර්ජනයක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙරටට පැමිණෙන ඊශ්‍රායල සංචාරකයන් ආරුගම්බේ සහ වෙරළාසන්න ප්‍රදේශවල සංචාරය කිරීමට වැඩි නැඹුරුවක් දක්වන බව අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශිකාවක් පැවසුවාය.
ඇතැම් ඊශ්‍රායල ජාතිකයන් රටේ විවිධ ප්‍රදේශවල නොයෙක් ව්‍යාපාර කටයුතුවල යෙදෙන බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කළේ, ඇතැම් සංචාරකයන් විවිධ ව්‍යාපාර කරමින් මෙහි රැඳී සිටින බවට තොරතුරු වාර්තා වී ඇතත්, ඊශ්‍රායල සංචාරකයන් එවැනි රැකියාවල නිරත වන බවට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට තොරතුරු ලැබී නැති බවයි.
හානි වී තිබෙන කුඹුරු සඳහා නොමිලේ බිත්තර වී ලබාදීමට සැලසුම් කර තිබෙන අතර, දැනට රජය සතුව බිත්තර වී බුසල් 5000ක පමණ ප්‍රමාණයක් පවතින බවත් එය ප්‍රමාණවත් නොවන
සංචාරක කර්මාන්ත කටයුතු සඳහා කල්පිටිය අර්ධද්වීපයේ දූපත් දහයක් බදුගත් ආයෝජක සමාගම් හතකින් වසර ගණනාවකට අදාළ රුපියල් 92,959,827 ක බදු මුදලක් අයකර ගැනීමට ශ්‍රී
පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරු මෙම සතියෙහිදී සිදු කිරීමට නියමිතව ඇතැයි
සූර්ය පැනල මගින් නිෂ්‍පාදනය කරන විදුලිය සඳහා පාරිභෝගික ජනතාවට ගෙවන මුදල අඩුවීම නිසා සූර්ය පැනල සවිකර විදුලිය නිෂ්පාදනය කර ගැනීමේ වැඩපිළිවෙළ අඩපණ වී
පැවති අධික වර්ෂාව නිසා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින කුඩා වැව් 248 ක බැමි කැඩීගොස් ඇති බව ද තවත් කුඩා වැව් 341 ක් අවදානම් මට්ටමට පැමිණ ඇති බව ද ග
පසුගිය රජය සමයේදී හිතුමතේ පත් කර ඇතැයි කියන පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අහෝසි කිරීමට හෝ වෙනස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ගිය මාස නවයට ඊශ්‍රායල සංචාරකයන් විසිදාහක් ඇවිත්