IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොළඹ ආහාර අහේනිය නරකම අතට

බඩු මිල ඉහළ යෑම සියයට අසූවක්

සුජිත් හේවාජුලිගේ

කොළඹ ආහාර උද්ධමනය (ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම) සියයට අසූවක් දක්වා ඉහළගොස් ඇතැයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙන්වා දෙයි.   

රටේ පසුගිය 2022 මැයි මාසයේදී සියයට 58ක් ලෙස පැවැති ආහාර උද්ධමනය ජුනි මාසයේ දී සියයට 75.8 දක්වා ඉහළ ගොස් ඇති බවද එම දර්ශකය සඳහන් කරයි.   


මේ අතර ශ්‍රී ලංකාවේ ලක්ෂ 57ක පමණ පිරිසක් ප්‍රමාණවත් ආහාර වේලක් නොමැති තත්ත්වයක පසුවන බව ලෝක ආහාර වැඩ සටහන නිකුත් කළ වාර්තාවක දැක්වේ.   


එසේම ඔවුන් මානුෂීය ආධාර අවශ්‍ය පසුබිමක සිටින බවද එම වාර්තාව සඳහන් කරයි.   


කෝටි දෙකක ජනගහණයක් සිටින ශ්‍රී ලංකාවේ වසර 70ක් තුළ උදා වූ දරුණුතම ආර්ථික අර්බුදය විසින් ගෙන එන ලද දුෂ්කරතාවලට ජනතාව මුහුණ දෙමින් සිටින බව ලෝක ආහාර වැඩ සටහන පවසයි.   
මේ අතර ආර්ථික අපහසුතා හේතුවෙන් තම දෛනික ජීවිතයේ ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමට හැකියාවක් නොමැතිව ඉතා දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දෙන බොහෝ පවුල් සම්බන්ධ මාධ්‍ය වාර්තා මේ දිනවල සුලභව පළවෙමින් ඇත.

 



අදහස් (0)

කොළඹ ආහාර අහේනිය නරකම අතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site