IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෘෂිකර්ම පර්‌යේ්‍ෂණ සේවයේ සියයට 50ක පුරප්පාඩු

කෘෂි වෘත්තිය සමිති

ඉන්දික හේවාවිතාරණ

කෘෂිකර්ම පර්‌යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි තනතුරේ අනුමත සේවක සංඛ්‍යාවෙන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් පුරප්පාඩු  වී තිබෙන බව කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි  වෘත්තිය සංගම් සඳහන් කරයි. අනුමත සේවක සංඛ්‍යාව 10,400ක් බවත් මේ වන විට සේවය කරනු ලබන්නේ නිලධාරීන් 5000කට ආසන්න ප්‍රමාණයක් බවත් එම සංගම් පෙන්වා දෙයි. 

ගොවි ජනතාවට වගා කටයුතු සිදුකිරීමට අවශ්‍ය දැනුම හා සහාය ලබාදීම, කන්න රැස්වීම්වලට අදාළ කටයුතු හා පොහොර සහනාධාරය ලබාදීම ඇතුළු වැඩකටයුතු රැසක් මෙම නිලධාරීන් සිදුකරන බවද සඳහන් කරති.
ආයතන විසි තුනකට අදාළ තොරතුරු ලබාදීම ද මෙම නිලධාරීන් විසින් සිදුකරනු ලබන බවත් 2014 වසරින් පසු මෙම සේවාවට විධිමත් ලෙස බඳවා ගැනීමක් සිදුකර නොමැති බවත් පෙන්වා දෙති.

1996 වසරේදී මෙම සේවාවට ඇතුළත් වූ පිරිස් මේ වන විට විශ්‍රාම යමින් තිබෙන නිසා ඉදිරියේදී පුරප්පාඩු ප්‍රමාණය තවදුරටත් ඉහළ යන බවද සඳහන් කරති.

පවතින පුරප්පාඩු නිසා ඇතැම් නිලධාරීන්ට තම වසමේ රාජකාරිවලට අමතරව වසම් කිහිපයක රාජකාරි ආවරණය කිරීමට සිදුව තිබෙන බවද වව්නියාව දිස්ත්‍රික්කය සැලකීමේදී එක් නිලධාරියෙකු වසම් හතරක පමණ රජකාරි කටයුතු සිදුකරන බවද පවසයි.

සංගම් පවසන්නේ පවතින පුරප්පාඩු නිසා ගොවීන්ට සේවා සැපයීමේ දී සේවයේ නිරතව සිටින නිලධාරීන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවය. වැඩ බැලීමේ රාජකාරි සඳහා ලබාදෙන්නේ රුපියල් 7500ක  දීමනාවකි. ප්‍රවාහන දීමනා වශයෙන්  මාසයකට රුපියල් 1000ක මුදලක් ලබා දෙන බවට බලධාරීන් පොරොන්දු වුවත් තවමත් ලැබෙන්නේ රුපියල් 300ක පමණ දීමනාවකි.

 

 



අදහස් (0)

කෘෂිකර්ම පර්‌යේ්‍ෂණ සේවයේ සියයට 50ක පුරප්පාඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 186 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site