IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උපාධිධාරීන් 331ක් උ.පෙළ සමත්තු 14,952ක් හිරේ

 


සුජිත් හේවාජුලිගේ 


බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් අතර උපාධිධාරීන් 331 දෙනෙකු  සිටින බව බන්ධනාගාර තොරතුරු වාර්තාවලින් පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසීය.

සිර දඬුවම් විඳින (අච්චු) පුද්ගලයෝ 66 දෙනෙක් සහ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින 265 දෙනෙක් මේ පිරිසට ඇතුළත් වෙති.

ගිය වසර වනවිට බන්ධනාගාර ගතව  සිටි සිරකරුවන් සංඛ්‍යාව එක් ලක්ෂ අසූ පන් දහස් පනස් හයක් බව පැවසූ  මහාචාර්යවරයා ඉන් 14952 ක්  අපොස උසස් පෙළ සමතුන් බවද ප්‍රකාශ කළේය.

මෙයට අමතරව  සෙසු  සිරකරුවන් අතර අපොස සාමාන්‍ය පෙළ සමතුන් 44614 දෙනකුද, අටවැනි  ශ්‍රේණිය සමත්  64684 දෙනකුද, පහ ශ්‍රේණිය සමත් 34673 දෙනකුද,  1-5 අතර ශ්‍රේණි සමත්  20188 දෙනකුද සිටි බව අතුකෝරළ මහතා කීවේය. තවද පාසල් නොගිය 5370 දෙනකුද මෙම පිරිස අතර සිටින බව හෙළිවී ඇත.

බන්ධනාගාරගතව සිටින පිරිසෙන් වැඩි දෙනෙකු යම් අධ්‍යාපනයක් හෝ සාක්ෂරතාවක් ඇති අය බව මින් පැහැදිලි වන්නේ යැයි පැවසූ වසන්ත අතුකෝරල මහතා මේ තත්වය සැලකිල්ලට ගෙන අධ්‍යාපන ක්‍රමවේදයේ යම් ප්‍රතිසංස්කරණයක් කළ යුතු බවට තමා යෝජනා  කරන්නේ යැයිද  සඳහන් කළේය.

 

 



අදහස් (0)

උපාධිධාරීන් 331ක් උ.පෙළ සමත්තු 14,952ක් හිරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 217 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 971 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site