IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉංජිනේරුවරුන් සේවය හැර යෑම සහ උපකරණ හිඟය නිසා විදුලි නඩත්තු කිරීම් අඩාළයි

ඉන්දික හේවාවිතාරණ


විදුලිබිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමේදී අමුද්‍රව්‍ය හා ඉංජිනේරු හිඟය නිසා ගැටලු රැසක් ඇති වී තිබෙන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි. බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉංජිනේරුවරුන්ට පවා සහභාගි වීමට සිදුව තිබෙන බවද එම සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ට්‍රාන්ස්පෝමර් කාර්මික දෝෂවලට ලක්වීමේදී අලු‍ත්වැඩියා කිරීමට අවශ්‍ය ඇතැම් උපකරණ හා විදුලි රැහැන්, විදුලිකණු හා සම්බන්ධ කරන උපාංගවල හිඟයක් පවතින බවද හෙතෙම පවසා සිටියේය. 
කේබල් වර්ගවලද හිඟයක් පවතින බවත්, ගෙවී ගිය මාස දෙකක කාලය සැලකීමේදී ඉංජිනේරුවන් 40ක් සේවය හැර ගොස් තිබෙන බවත්, මේ අනුව සමස්ත ඉංජිනේරුවන්ගේ හිඟය 190 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ඒ මහතා පැවසීය.
මේ වසරේ  මාර්තු 15 වන විට ඉංජිනේරුවන් 150 ක හිඟයක් පැවතුණ බවත්, දැනට පවතින 190 ක හිඟයෙන් අතිබහුතරයක් විදුලි ඉංජිනේරුවන් බවත්, ඉතිරි පිරිස් යාන්ත්‍රික හා සිවිල් ඉංජිනේරුවන් බවත් සභාපතිවරයා පවසා සිටියේය. බිඳවැටීම් යථාතත්වයට පත් කිරීමේ ප්‍රමාදය නිසා විදුලි පාරිභෝගිකයන්ගෙන් විදුලිබල මණ්ඩලයට චෝදනා එල්ල වන බවත් ඒ මහතා පැවසීය.

 



අදහස් (0)

ඉංජිනේරුවරුන් සේවය හැර යෑම සහ උපකරණ හිඟය නිසා විදුලි නඩත්තු කිරීම් අඩාළයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site