IMG-LOGO

ආයතන හයක දුෂණ වාර්තා සීඅයිඩියට - කෝප් කමිටුව වැඩ අරඹයි

සුජිත් හේවාජුලිගේ

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) රාජ්‍ය ආයතන හයක දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධ සියලු‍ තොරතුරු වාර්තා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ළඟදීම භාර දීමට තීරණය කර ඇත.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, සබරගමුව විශ්වවිද්‍යාලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මහපොළ භාරකාර අරමුදල සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහල යන ආයතන හයේ දූෂණ සම්බන්ධ වාර්තා මෙසේ භාරදෙන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පැවසීය.

ඉහත ආයතනවල සිදුව ඇති දූෂණ වංචා අතරින් බරපතළ කොටස්  වෙනම තෝරාගෙන මෙසේ භාර දෙන බව ද ඔහු සඳහන් කළේය. මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සිද්ධීන් පිළිබඳව විමර්ශන ආරම්භ කෙරෙනු ඇත.

මේ අතර විවිධ ඉඩම් අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් ලබන 17 පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර ඇතැයි එහි සභාපතිවරයා පැවසීය. කාබනික පොහොර ගනුදෙනුවට අදාළ වාර්තාවක් ද මේ දිනවල පිළියෙල කරගෙන යන බව නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

ආයතන හයක දුෂණ වාර්තා සීඅයිඩියට - කෝප් කමිටුව වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 403 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 973 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1352 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site