IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අලු‍ත් ධීවර නීතියෙන් බහුදින යාත්‍රා ධීවරයෝ මුහුදුබත් වෙති

ඉන්දික හේවාවිතාරණ
එක් පන්න ක්‍රමයක් මගින් පමණක් බහුදින යාත්‍රා හිමියන් මත්ස්‍යයින් ඇල්ලිය යුතු බවට අලු‍තින් නීතියක් සකස් කර තිබෙන බවත්, මෙම නීතිය ක්‍රියාත්මක කළ පසු මෙරට බහුදින යාත්‍රා ධීවර කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වන බවත්, බහුදින යාත්‍රා හිමියන්ගේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.

දැනට යාත්‍රා ගමන් කරන ප්‍රදේශවල මත්ස්‍යයන් ගැවසෙන ආකාරය සලකා බලා කඳන් කෝස් දැල් ක්‍රමය හා ලොන් ලයින් දැල්, අතංගුව සහ කරමල් දැල් භාවිත කරමින් බහුදින යාත්‍රා මගින් අස්වැන්න නෙළාගනිමින් තිබෙන බවද එම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක අජිත් නිශාන්ත සඳහන් කළේය. එහෙත් මින් ඉදිරියට එක් පන්න ක්‍රමයක් මගින් පමණක් මත්ස්‍ය අස්වැන්න නෙළාගැනීමට බලපත්‍ර නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බවද ඔහු පැවසීය.
මේ අනුව බහුදින යාත්‍රාව ගමන් කරන මාර්ගයේදී අදාළ පන්න ක්‍රමය මගින් මසුන් අල්ලා ගැනීමට නොහැකි වුවහොත් යාත්‍රා හිමියන්ට රුපියල් ලක්ෂ ගණන් පාඩු විඳීමට සිදුවේ. 
ඉන්ධන මිල අධික ලෙස ඉහළ යාම හා අයිස් මිල ඉහළ යාම, යාත්‍රා නඩත්තුවට විශාල මුදලක් වැය කිරීමට සිදුවීම හා ලැබෙන අස්වැන්නට නිසි මිලක් නොමැති වීම නිසා බහුදින යාත්‍රා හාර දහස් තුන්සියයකට අධික ප්‍රමාණයෙන් යාත්‍රා දෙදහසකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට කර්මාන්තයේ නිරත නොවන තත්ත්වයක් උද්ගත වී ඇත. එවන් තත්ත්වයක් තුළ අලු‍තින් නීති පැනවීමට කටයුතු කිරීමෙන් සිදුවන්නේ බහුදින යාත්‍රා ධීවර කර්මාන්තය තවදුරටත් අර්බුදයකට ලක්වීමය.
අඩි 40කට වැඩි දිගින් යුත් බහුදින යාත්‍රාවක් වරායක් තුළ නවතා තැබීම වෙනුවෙන් රුපියල් දෙදහස් දෙසීයක මුදලක් මාසිකව ගෙවීමට සිදුව තිබෙන බවත්, යාත්‍රාවක් වරායක නවතා තිබුණත් යාත්‍රා නියාමන පද්ධතියට වසරකට රුපියල් හැට දහසකට අධික මුදලක් ගෙවීමට සිදුවන බවත් බහුදින යාත්‍රා හිමියන්ගේ ජාතික මධ්‍යස්ථානයේ ජාතික සංවිධායකවරයා සඳහන් කරයි. යාත්‍රා නියාමන පද්ධතියක් බහුදින යාත්‍රාවකට අලු‍තින් සවිකිරීම සඳහා රුපියල් නව ලක්ෂ තිස් දහසක මුදලක් ගෙවීමට සිදුව තිබෙන බවත්, ඊට අමතරව අදාළ පද්ධතිය නඩත්තුවට ද සැලකිය යුතු මුදලක් වැය කිරීමට සිදුව තිබෙන බවත් ඔහු පවසා සිටී.

 



අදහස් (0)

අලු‍ත් ධීවර නීතියෙන් බහුදින යාත්‍රා ධීවරයෝ මුහුදුබත් වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 525 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site