IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කුලියට දෙන්න ගෙවල් හැදූ දහදාහක් මහපාරට

යටකළ කෝටි ගණනක් වතුරේ

සුජිත් හේවාජුලිගේ   

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මහල් නිවාස සහ වෙනත් ගොඩනැගිලි විකිණීමට සහ කුලියටදීමට නොහැකි වීම නිසා 10,000 කට ආසන්න පිරිසක් අන්ත අසරණ තත්වයට පත්ව සිටින අතර එම නිවාස සෑදීමට වැය කළ කෝටි ගණනක මුදලක් වතුරේ යන තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ මෙරට ජනතාව මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් මහල් නිවාස මිලදී ගැනීම සියයට අසූවකින් පමණ අඩුවී ඇති බවයි.   


විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයන් සීමිත පිරිසක් පමණක් මහල් නිවාස මිලදී ගන්නා බවත් මේ තත්ත්වය යටතේ නිවාස සෑදීමට ගත් බැංකු ණය පියවා ගැනීමටද අද නොහැකිවී ඇති බවත් ඔවුහු ප්‍රකාශ කළහ.   


මේ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ආයතන විසිපන්දහසක් පමණ ආර්ථික ගැටලු හේතුවෙන් පසුගිය වසර කිහිපයේදී වැසී යෑම නිසා එම ක්ෂේත්‍රය බරපතළ කඩාවැටීමකට ලක්ව ඇතැයි ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග අනාවරණය කළේය.   


ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සෘජු රැකියාවල නියුතු හය ලක්ෂ පනස් දහසක් (650,000) හා වක්‍ර රැකියාවල නියුතු ආසන්න වශයෙන් හත් ලක්ෂයක පිරිසක් (700,000) ආර්ථික අර්බුදය හමුවේ එම ක්ෂේත්‍රය කඩා වැටීම හේතුවෙන් අනාථභාවයට පත්ව සිටින බව ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.   


ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිස් ආර්ථික ප්‍රශ්න හේතුවෙන් රට හැර යාමේ ප්‍රවණතාවක්ද මතුව ඇතැයි එම සභාව සඳහන් කළේය.   
මෙම ගැටලු වෙන වෙනම හඳුනාගෙන වෙන වෙනම ක්‍රියාත්මක නොවුණහොත් ඉංජිනේරු ක්ෂේත්‍රය විශාල වශයෙන් බිඳ වැටීම වැළැක්විය නොහැකි බවත් මේ තත්ත්වය වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.

 



අදහස් (0)

කුලියට දෙන්න ගෙවල් හැදූ දහදාහක් මහපාරට

ඔබේ අදහස් එවන්න

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 14 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 20 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 26 36 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා
2024 අප්‍රේල් මස 23 11 0

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි
2024 අප්‍රේල් මස 23 5 0

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ


ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 22 4 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site