(මහින්ද නිශ්ශංක)
කිරිපිටි කිලෝවක් රුපියල් 70කින් පමණ වැඩි කිරීම සඳහා ආනයන කිරිපිටි සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.
ඩොලරයේ අගය රුපියල් 160 දක්වා ඉහළයාම සහ ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල වැඩිවෙමින් පැවැතීම හේතුවෙන් තම සමාගම් පවත්වාගෙන යාමේ දුෂ්කරතා හා ගැටලු පැන නැඟී තිබෙන බැවින් කිරිපිටි මිල නැවත වැඩි කිරීමට සිදුවී ඇතැයි කිරිපිටි සමාගම් පවසයි.
දැනට කිරිපිටි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා වැට් බද්දක් අයකරන බවත් පෙන්වාදෙන කිරිපිටි සමාගම් එම වැට් බදු සඳහා සංශෝධනයක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බවත් වැට් බදු සංශෝධනයක් ලබා දෙන්නේ නම් කිරිපිටි මිල වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද කියා සිටී.මීට මාස කීපයකට පෙර ලෝක වෙළෙඳපොළේ ඇමෙරිකානු ඩොලර් 3250ක් ලෙස පැවැති කිරිපිටි මෙට්‍රික් ටොන් එකක් මේ වනවිට ඩොලර් 3450 දක්වා වැඩිවී තිබෙන බවද පවසන සමාගම් මීට පෙර කිරිපිටි කිලෝවක් සඳහා ඉල්ලා සිටි රුපියල් 75 වැඩිවීම ලබා දුන්නේ නම් තව මාස දෙකක් පමණ මිල වැඩිනොකර පවත්වාගෙන යාමට හැකිව තිබූ බවද කියා සිටී.
කිරිපිටි සමාගම් ඉල්ලා සිටින වැට් බදු සංශෝධනය හෝ මිල වැඩිවීමක් කඩිනමින් ලබා නුදුන්නොත් මේ මස අවසානයේ සිට සමාගම් පවත්වාගෙන යාමේ දුෂ්කරතා ඇතිවන බවද සමාගම් වැඩිදුරටත් කියා සිටී.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කිරිපිටි මිල වැඩි කිරීමට සමාගම් අවසර පතති