අලුත් පරපුරේ කතාබහ
අපේ එදිනෙදා ව්‍යවහාරයේ එන දෙමළ වචන රාශියක් ඇති අතර මෙවර ලිපියෙන් අවධානය යොමු කරන්නේ ඇඳුම් පැලඳුම් ගැනය.
ඇඳුම් ආයිත්තම්
රෙදි පෙරෙදි හැඳින්වීමට බහුලව භාවිත කරන ඇඳුම් යන්න ද දෙමළ වචනයකි. අඳිනවා යන්න සිංහල වචනයක් වුවත් ඇඳීමට ගන්නා රෙදි වර්ග පොදුවේ හැඳින්වීමට යෙදෙන ඇඳුම් යන්න දෙමළ වචනයකි. ආයිත්තම් යන වචනය ඇඳුම් යන අරුත වගේම සූදානම් වීම යන තේරුම ද ලබා දෙන දෙමළ වචනයකි.
උඹ කොහෙ යන්නද මේ ආයිත්තම් වෙන්නෙ යනුවෙන් සිංහල වහරේ අසන අවස්ථා එමටය.
ඔසරි
ලංකාවේ ගැහැනුන් වැඩි වශයෙන් අඳින සාරිය ඉන්දියානු ජනප්‍රිය ඇඳුමකි. දකුණු ඉන්දියාවේද සාරි සුප්‍රකට ඇඳුමක් වුවත් සාරිය අප අතර භාවිතයට පැමිණියේ උතුරු ඉන්දියාවෙනි. සිංහල උඩරට කාන්තාවන් වැඩි වශයෙන් අඳින ඔසරිය දෙමළ ය.
හැට්ටය
ඔසරිය ඇඳීමට හැට්ටය අවශ්‍ය. එයද දෙමළ ඇඳුමකි. සැට්ටෙයි යනුවෙන් දෙමළ භාෂාවේ එන වචනයෙන් මෙම හැට්ටය යන වචනය බිඳී තිබෙයි.
කම්බාය
මෙයද දෙමළ ඇඳුමකි.
නෙරිය
නෙරිය ද දෙමළ වචනයකි.
සේලය
කිසියම් රෙද්දක් හැඳින්වීමට බහුලව යෙදෙන සේලය යන වචනය සේලෙයි යන දෙමළ වචනෙන් බිඳුණකි. මඟුල් දින දාට කිරිකඩ හේලය යනුවෙන් පිරිනමන රෙදි වර්ගයක් ගැන ද අපි අසා ඇත්තෙමු. එහි හේලය යනු සේලයයි.
අරුංගල්
කාන්තාවන් පලඳින ආභරණවලින් බොහොමයක් ද දෙමළ ඒවාය. කණේ පලඳින අරුංගල් ද එවැනි ආභරණයකි.
පදක්කම්
තරග ඉසව් ජයග්‍රහණය කළ විට කරේ දමන පදක්කම්ද දෙමළ ය.
හවඩිය
ෂවඩි යන දෙමළ වචනෙන් බිඳුණු හවඩිය ද අප අතර ප්‍රචලිතය.
කඩුක්කන්
කණේ පලඳින කඩුක්කන් ද දෙමළ ය.
පොට්ටු-මොට්ටු
නළල මත තියන පොට්ටුව දෙමළ කාන්තාවන්ගේ එක් අනන්‍යතාවකි. සිංහල ඇතැම් කාන්තාවන්ද පොට්ටු තියන අතර ඊට මොට්ටුව යන වචනය භාවිත කරන ආකාරයක් දැකිය හැකිය. එම මොට්ටු යන වචනයද දෙමළ ය. මල් කැකුළු හැඳින්වීමට ද මොට්ටුයන්න ව්‍යවහාර වෙයි.
පිරිමින්ගේ ඇඳුම් බොහොමයක්ද දෙමළ ඒවාය.
පා සලඹ
නර්තනයෙහි යෙදෙන විට වැඩි වශයෙන් පලඳින පා සලඹ ද සිලම්බු යන දෙමළ වචනෙන් බිඳී ආවෙකි. සිලම්බු-හලඹ-සලඹ වශයෙන් එහි පද විකාශනය වී ඇත.
නිලමෙ හා නිලමෙගෙ ඇඳුම
උඩරට ප්‍රදේශයේ ප්‍රචලිත නිලමේ ඇඳුම ද සම්පූර්ණයෙන්ම දෙමළ ඇඳුමකි. නිලමේ යන වචනයද දෙමළ ය. නිලමෙයි යනු එහි මුල් දෙමළ වචනයයි. දියවඩන නිලමේ තුමා අඳින නිලමෙ ඇඳුම දෙමළ ඇඳුමකි. එම ඇඳුමේ ඉනෙන් පහළ කොටස හඳුන්වන්නේ තුප්පොට්ටිය යනුවෙනි. එය ද දෙමළ වචනයකි. හිසේ පලඳින තලප්පාව ද දෙමළ ය. උඩරට වහරේ මුණ්ඩාසනය යන වචනය යෙදෙන්නේ ද හිසේ පලඳින තලප්පාව හැඳින්වීමටය.
තොප්පි
තරුණයන් අතර ප්‍රචලිත තොප්පිය ද දෙමළ ය.
සෙරෙප්පු
පාවහන් විශේෂයක් වන සෙරෙප්පු ද දෙමළ ය. සෙරුප්පු යන දෙමළ වචනයෙන් සෙරෙප්පු යන්න සිංහලයා නිර්මාණය කරගෙන ඇත.
මඩිස්සලය
සිංහලයා භාවිත කරන කුඩා ප්‍රමාණයේ මල්ලකට මඩිස්සලය යන වචනය යෙදෙයි. බුලත් ආදිය රැගෙන යන කුඩා මල්ලට කොක්කණිය යන වචනය ද ව්‍යවහාර වෙයි.
සටහන උපුල් වික්‍රමසිංහ