
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ ජූනි මාසය වනවිට විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 143,037 ක් විදේශ ගත වී ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 5 ක පමණ ප්‍රතිශතයක පහළ යාමක් බවත් නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
වසර ආරම්භයේ ජනවාරි මාසයේදී විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 25,873 ක් විදේශ ගතවී ඇති අතර එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව විදේශ ගතවූ සංඛ්‍යාවේ ඉහළ යාමක් වූවේය.
කෙසේ නමුත් මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට විදේශ ගත වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව පසුගිය වසරේ එම මාසවලට සාපේක්ෂව පහළ ගොස් ඇත.
මෙම වසරේ පෙබරවාරි මාසයේදී 22,271 ක, මාර්තු මාසයේදී 21,552ක, අප්‍රේල් මාසයේදී 22,011ක සහ මැයි මාසයේදී 27,142 ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් විදේශ රැකියා සඳහා විදේශ ගත වී තිබිණි.
පසුගිය වසරේ ජනවාරි මාසයේදී 25,149ක, පෙබරවරි මාසයේදී 25,737ක, මාර්තු මාසයේදී 24,158ක, අප්‍රේල් මාසයේදී 22,220 ක සහ මැයි මාසයේදී 28,201ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් විදේශ රැකියා සඳහා විදේශ ගතවී තිබුණේය.
2025 ඔක්තෝබර් මස 08
1472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1318
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉසුරු සොයා යන අය ටිකක් අඩු වෙලා