
(ගයාන් සූරිය ආරච්චි,ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කළ බව කියන වෙඩික්කරු මහරගම ප්‍රදේශයේදී අද සවස අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අද අලුයම කාන්තාවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනකු කැකෙනාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර එහිදී එම ඝාතනයේ වෙඩික්කතු බව කියන මෙම සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් තිබුණු බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත් පොලිස් කණ්ඩායම් කීපයක් සිදුකළ විමර්ශන වලදී පැය කීපයක් ඇතුළත එම සැකකරු මහරගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඇඳුම් අලෙවි සලක් අසලදී පොලිස් විශේෂ කාර්ය බළකායේ කළුබෝවිල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල, ඉමදූව, අඟුලු ගහ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශනන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍යය අපරාධ කොට්ඨාශයට භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකර පොලිස්් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා කීය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු සැකකරුවන් හතර දෙනෙක් ගාල්ල සහ අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ ගෙවල් 50 ප්‍රදේශයේ කමතක අත් හැර දැමූ කුඩා නිවෙසකදී ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන් අපරාධය සඳහා භාවිත කළ යතුරුපැදියක්, රුපියල් ලක්ෂ දොළහක මුදලක්, අයිස් මත්ද්‍රව භාවිත කිරීම් සඳහා යොදා ගන්නා උපකරණයක් පොලිසිය සොයාගෙන තිබුණි.
එහිදී එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී එහි සිටි පිරිසක් පොලිසිය සමඟ පොර බැඳීමේදී එක් සැකකරුවෙකු පලා ගොස් තිබුණි.
අනතුරුව පොලිස් කණ්ඩායම් කිහිපයක් සීසි ටීවී දර්ශන පරීක්ෂා කරමින් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා මහජන දිනය පැවති අවස්ථාවේදී සභාපතිවරයා හමුවීමට පැමිණි පුද්ගලයකු ලෙස වෙඩික්කරු සභාපතිවරයාගෙන් නිල කාමරයට පැමිණ වෙඩි තබා යතුරු පැදියකින් පලා ගොස් තිබූ අතරමඟදි යතුරු පැදිය මාරු කර වෙඩික්කරු සහ යතුරු පැදිකරු තවත් යතුරු පැදි දෙකක නැගී යන ආකාරය සීසී ටීවී කැමරා දර්ශනවල සටහන්ව තිබුණි.
2025 ඔක්තෝබර් මස 08
1472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1318
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වැලිගම ඝාතනයේ වෙඩික්කරු මාට්ටු