IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


පාතාලකරුවන් පිරිසක් ගැන නාමල්ට සැකයක්



(සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩු ආරක්ෂා කරන පාතාල සංවිධානාත්මක අපරාධකරුවන් ආණ්ඩුවේ රැකවරණ ලබා ගන්නවාදැයි සැක මතුවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පාතාලකරුවන් එදා අධිකරණයට ඇවිත් වෙඩි තබා ගිය බවත් අද ප්‍රාදේශීය සභාවලට ඇවිත් වෙඩි තබන බවත්  ඔහු කීවේය.

ආණ්ඩුව මේ අපරාධ කල් තියා  දැනගෙන කතා කරන බවක් පෙනෙන්නට  ඇතැයිද  හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (10)

පාතාලකරුවන් පිරිසක් ගැන නාමල්ට සැකයක්

sumith liyanage Sunday, 26 October 2025 03:13 PM

හොඳටම පිස්සු... පිස්සු විකාරයෙන් නන් දොඩවනවා.

:       3       29

විපරමා Sunday, 26 October 2025 03:16 PM

තමුන්ලාගේ අතීත ක්‍රියාකලාපයන් දිහා බැලුවාම ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න පොහොට්ටුවේ ඉන්න අයම කරන වැඩ කියලා සැක හිතෙනවා.. තක්කඩි හොර දූශිතයින් කරපු කියපුවා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දන්නෝ හොන්දාකාරවම දන්නවා...

:       3       30

උකුස්සා Sunday, 26 October 2025 03:24 PM

තමන්ගේම සෙල්ෆි පින්තුර ටික බැලුවාම පෙනෙයි වටේට ඉන්න පාතාලේ සෙට් එක පරණ තාත්තාගේ වටේ හිටපු කට්ටියත් අහුවෙයි.

:       3       27

ලොක්ක Sunday, 26 October 2025 03:28 PM

මේ මිනිහට පයිත්තියන්, මේ රටට සාපයක්...

:       3       27

ලමය Sunday, 26 October 2025 03:30 PM

මේ හාදයා අංගොඩ ගෙනියන්‍න කවුරුත් නැද්ද?

:       2       26

පුරවැසියා Sunday, 26 October 2025 03:36 PM

අමරේ අමරේ මේ මං...

:       1       23

Chandana F Sunday, 26 October 2025 03:38 PM

බයේ දගලනවා....

:       1       19

sanath Sunday, 26 October 2025 03:56 PM

මේ ගොල්ලාගේ බලය අවතක්සේරු කරන්න එපා පොලිසියේ සහ රජයේ කාර්යාලවල රාජකාරි කරන නිලධාරීන්ගෙන් 90% ඉන්නේ මේ ගොල්ලන් පත්කරපු අය, ඔවුන් වැඩ කරන්නේ අර පරණ පුරුදු ක්‍රමේටම, එම කාර්යාලවලට වැඩ කරවාගන්න එන මිනිස්සු වටේ යවලා පගාව ගන්න එක ඉහළින්ම කරනවා. ඔවුන් කැමැති ඔවුන්ගේ පරණ හම්පුතාලා වන රාජපක්ෂ හොරු නැවත බලයට එනවාට, හොඳම උදාහරණ කොළඹ සහ මාතර පාස්පෝර්ට් කන්තෝරු දෙක, මේවා හරියට අර යුද්ධ කලේ මුදා නොගත් ප්‍රදේශ වගේ..., මේවාට ඇවිත් නිකරුනේ රස්තියාදු වෙන අසාධාරණයට පත්වෙන මිනිස්සු කෙලින්ම බනින්නේ ආණ්ඩුවට, කැඩෙන්නේ මාලිමාවේ ඡන්ද, බලධාරීන් කෙලින්ම මෙම පාස්පෝර්ට්, හැදුනුම්පත්, රියැදුරු බලපත් කන්තෝරුවලට අවධානය යොමු කිරීම ඔවුන්ගේ දේශපාලන අනාගතයට සුබදායකයි.

:       1       19

R.T.sarath Sunday, 26 October 2025 04:17 PM

මේ ගොල්ලන්ට පිස්සු නැහැ. රාජපක්ෂලා වැඩ කරන්නේ ඔවුන්ගේ දේශපාලන සැලසුමකට අනුව, හොඳට මතක තියාගන්න රාජපක්ෂලා කරපු දූෂණ, වංචා නිසා ජනතාව 2015 ඔවුන් ගෙදර යවලා යහපාලන ආණ්ඩුව පත්කරගත්තා. නමුත් ඔවුන් 2019 පාස්කු ප්‍රහාරය කරලා, බිම ට්ටමේ සිට සංවිධානය වෙලා 2019 අග වෙනකොට නැවත බලය ඇල්ලුවා. අමතක කරන්න එපා එදා 3% හිටපු මාලිමාවට බහුතරයක් ලැබිලා තිබෙන්නේ පරණ පොහොට්ටු ඡන්ද නිසා කියලා, පොහොට්ටු බියියන්ගේ නාඩි වැටෙන හැටි රාජපක්ෂලා දන්නවා. මෙවැනි තත්වයකදී ආණ්ඩුවේ බලධාරීන් ඔය වැඩිපුර යන රට සවාරි නවත්වලා... ඔයාට පාන්ද වැනි උදච්ච කතා අඩු කරලා, රජයේ වියදම් අඩු කරගෙන, ජනතාවට හොඳ රාජ්‍ය සේවයක් ලබාදීලා, සහල්, පරිප්පු වැනි පාරිභෝගික ද්‍රව්‍ය දැරිය හැකි මිලකට ජනතාවට ලබාදීලා ජීවන වියදම් පහළ දමලා, මධ්‍යම සහ දුප්පත් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පැය 24ම කැපවෙලා වැඩ කරන එක, එසේ නොකලොත් යහපාලන ආණ්ඩුවට අත්වුණු ඉරණමම මාලිමා ආණ්ඩුවටත් අත්වේවි...

:       1       6

පිටරැටියා Sunday, 26 October 2025 04:48 PM

තමුන්ලගේ කෙරුවාවල්වල හොන්දකමට තමා කොරියාවේ අපේ කට්ටිය හොන්දටම සළකලා තිබුනේ...

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1462 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1312 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site