IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ලූවර් කෞතුකාගාර කොල්ල කරුවන් අල්ලයි

(විමුක්ති එස් රුද්‍රිගු)

සුප්‍රසිද්ධ ලූවර් කෞතුකාගාරයෙන් කොල්ල කෑ ඇමෙරිකානු ඩොලර් මිලියන 100 (රුපියල් කෝටි 3036 ක පමණ) ක් වටිනාකමින් යුත් ආභරණ අතර තිබු මාරි ඇමෙලි බිසවගේ ඔටුන්න දියමන්ති 1083 ක් සහ "සිලෝන් සෆායර්" ලෙසින් හැඳින්වෙන මෙරට නිල් මැණික් 24ක් ඔබ්බවා සැකසූවක් බව ලූවර් කෞතුකාගාර බලධාරීන් පසුගියදා ප්‍රකාශ කළේය.

මොනාලිසා ඇතුළු ලොව සුප්‍රසිද්ධ ඓතිහාසික කෞතුක වස්තු කිහිපයක් තැන්පත් කර ඇති පැරිසියේ සුප්‍රසිද්ධ කෞතුකාගාරයක් වන ලූවර් හි තිබූ නැපෝලියන් සහ ප්‍රංශ අධිරාජිනියගේ මිලකළ නොහැකි ආභරණ එකතුවකින් ආභරණ නවයක් පසුගිය 19 වැනිදා කොල්ලකරුවන් සිවු දෙනකු විසින් කොල්ල කනු ලැබුවේය.

කොල්ලකරුවන් යතුරුපැදියකින් පැමිණ භාණ්ඩ සෝපානයක් භාවිතා කර ආභරණ තිබූ කාමරයට ළඟාවී තිබූ බවත් කුඩා දම්වැල් සහ කියත් භාවිත කරමින් කොල්ලය සිදුකර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය විය.

ලූවර් කෞතුකාගාරය විවෘත කළ අවස්ථාවේ මංකොල්ලය සිදුව ඇති බවත් විනාඩි හතක් තුළ කොල්ලය සාර්ථකව සිදුකර කොල්ලකරුවන් පළගොස් ඇති බවත් විමර්ශනවලදී හෙළි විය. කොල්ලයේදී යූජින් කුමරිය පැළඳි ඔටුන්නක් කොල්ලකරුවන් මග දමා ගොස් තිබූ බවද විමර්ශන වලදී වාර්තා විය.

මාරි ඇමෙලි යනු පළවෙනි ලුවී පිලිප් රජුගේ බිරිඳයි. කොල්ලකරුවන් සොරාගත් මෙම ආභරණ සොයා ගැනීමට හැකියාව ලැබුණහොත් ලොව සුප්‍රසිද්ධ මොනාලීසා චිත්‍රයට වඩා මෙම ආභරණ ප්‍රසිද්ධ වනු ඇතැයි දැනටමත් මත පළවී ඇත.

කොල්ලකරුවන් තිදෙනාගෙන් දෙදෙනකු අත් අඩංගුවට ගැනීමට ප්‍රංශ බලධාරීන්ට අද හැකියාව ලැබී තිබූ අතර එක් අයෙක් රටින් පළා යාමට උත්සාහ දරණ අවස්ථාවේ අත් අඩංගුවට ගෙන තිබිණි.

 

 



අදහස් (0)

ලූවර් කෞතුකාගාර කොල්ල කරුවන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1318 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site