
1975 මැණික් ව්‍යාපාරිකයන් දෙතුන් දෙනෙකුගේ එකතුවෙන් ඇරඹි රත්නපුර “හැරණියාවක මැණික් වෙළෙඳපොළ” අද වන විට දිනකට 500කට අධික ව්‍යාපාරිකයන් පිරිසක් එක් රැස්වී මැණික් ගැනීම සහ විකිණීම විධිමත් ලෙස සිදුකරන ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ.
කොළඹ සිට පැමිණෙන විට ඉඩංගොඩ පසුකර රත්නපුර දෙසට යන විට “හැරණියාවක මංසන්ධිය” කේන්ද්‍ර කර ගනිමින් පිහිටි මෙම මැණික් වෙළෙඳපොළ ඔබට දැක ගත හැක.
රත්නපුරේ විශ්වසනීයම මැණික් වෙළෙඳපොළ’ ලෙස සැෙළකෙන මෙම මැණික් වෙෙළඳපොළ - දේශීය මැණික් ව්‍යාපාරිකයන් තුළ මෙන්ම, විදේශීය මැණික් ගැනුම්කරුවන් අතර ද ඉතා ප්‍රචලිත මැණික් වෙළෙඳ පොළක් බවට පත්ව තිබේ. මේ විශ්වසනීයත්වය නිසාම වර්තමානයේ නවක මැණික් ගැනුම්කරුවන්ගේ තිඹිරිගෙය බවට ද හැරණියාවක මැණික් වෙළෙඳපොළ පත්ව තිබේ.
විධිමත් මැණික් වෙළෙඳපොළක් ලෙස මෙම ස්ථානය පවත්වාගෙන යෑමේ අරමුණෙන් පිහිටුවා ගෙන ඇති ’හැරණියාවක මැණික් සංගමය’ මගින් සමස්ත ප්‍රදේශයම ආවරණය වන අයුරින් ස්ථාපනය කොට ඇති CCTV පද්ධතිය ආරක්ෂාව හා විශ්වසනීයත්වය තහවුරු කිරීමට ලොකු පිටිවහලක් ලබා දී තිබේ.
රටට නවක මැණික් ගැනුම්කරුවන් හඳුන්වා දෙන අතරේ, අවට පතල්කරුවන්ගේ ආර්ථිකය නැංවීමට දායක වන හැරණියාවක මැණික් වෙළෙඳපොළෙහි වත්මන් තත්වය කෙබඳු ද යන්න සොයා බැලීමට අපි එහි සංචාරයක නිරත වුවෙමු.

හැරණියාවක මැණික් වෙළෙඳපොළ පිළිබඳව විමසීමට අප මුලින්ම මුණ ගැසුණේ ’හැරණියාවක මැණික් සංගමයේ’ සභාපති අජිත් අමරතුංගයන් වය.
“ලංකාවේ තියෙන හොර බොරු නැති පළමු වෙළෙඳපොළ’ හැරණියාවක මැණික් වෙළෙඳපොළ’ ලෙස හැඳින්විය හැකිය. සතියේ සෑම දිනකම උදෑසන6.30ට ආරම්භ වෙන මැණික් පොළ උදෑසන10.30වන විට අවසන් වෙනවා. පොඩි ප්‍රමාණයේ මැණික් ගල්වල සිට මිලියන02–03 දක්වා මිල ගණන් යටතේ ඇති මැණික්ගල් මෙතන විකිණෙනවා. අපේ සමිතියේ නිලධාරීන් හා සාමාජිකයන් පූර්ණ අවධානයෙන් සිටින නිසා මෙතැන සින්තටික් හෝ ස්ප්‍රේ ගල් කිසිවක් විකුණන්න දෙන්නේ නෑ. එවැනි ගල් අරගෙන මෙතනට විකුණන්න කවුරුන් හෝ ආවොත් අපි ඔවුන්ව මෙතැණින් පන්නලා දමනවා. යළිත් එන්න දෙන්නෙත් නෑ. කාට හරි එලෙස ව්‍යාජ මැණික් ගලක් විකුණා තිබුණොත්, විකුණු පුද්ගලයාගෙන් අදාළ මුදල යළි ලබාගෙන වින්දිත පුද්ගලයාට එම මුදල නැවත ලබා දෙනවා. ඒ වගේම මැණික් පොළ තිබෙන මුළු ප්‍රදේශයම CCTV කැමරා පද්ධතියකින් ආවරණය කර තිබෙනවා. ඒ නිසා අලුතෙන් මේ ක්ෂේත්‍රයට පිවිසෙන ව්‍යාපාරිකයන්ට කාටවත් අහු වෙන්නේ නැතුව, මැණික් මිල දී ගැනීම ගැන පුහුණුවක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා අලුතෙන් ක්ෂේත්‍රයට එන හුඟ දෙනෙක් මෙතැනට එනවා.”
“මැණික් විකුණන්න සහ මිල දී ගන්න හැරණියාවක මැණික්පොළට මැණික් ව්‍යාපාරිකයන් 500ක් පමණ දිනකට පැමිණෙනවා. මෙම පිරිස අතරින් ’හැරණියාවක මැණික් සංගමයේ’ සාමාජිකයන් 300ක් පමණ සිටිනවා. අපේ සංගමයේ සාමාජිකයෙකු අසනීප හෝ ආබාධිත වුණොත් ඔහු වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරනවා. ඒ වගේම දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, නිවාස නැති පවුල් සඳහා නිවාස තනාදීම, විහාරස්ථාන සහ පොදු කටයුතු සඳහා උපකාර කිරීම වැනි සුවිශේෂී සමාජ සේවා රැසක් සිදු කරනවා.”

“සෙසු බොහෝ මැණික් පොළවල් මෙන් නොව මෙතන සිටින පුද්ගලයන් හරිම සුහදශීලීයි. උපකාර අපේක්ෂාවෙන් පැමිණෙන අයට විනාඩි කීපයක් ඇතුළත රු. ලක්ෂ ගණන් අපි එකතු කරලා දෙනවා. මේ වකවානුවේ වෙළෙඳපොළට මැණික් පැමිණීමේ යම් අඩුවක් තිබුණත්, බැකෝ පතල් නිසා යම් ප්‍රමාණයකට මැණික් ටිකක් වෙළෙඳපොළට පැමිණෙනවා. ඒ වගේම පොඩි මැණික්වල මිල අඩුවෙලා තිබෙන්නෙ. ඊට මූලිකවම බලපාලා තිබෙන්නෙ කැරට් 01 ල02 රෆ් ගල් නොකපා විදේශ වෙළෙඳපොළට රැගෙන යාමට ඉඩ නොදීමයි. පොඩිගල් පාට කිරීමේ(පුච්චා වර්ණ ගැන්වීමේ) තාක්ෂණය තියෙන්නේ තායිලන්තයේ යි. මේ නිසා මේ ගල් තායිලන්තයට රැගෙන ගියොත් තමයි ක්ෂේත්‍රය තුළ ගල් මිලදී ගැනීමේ තරගකාරීත්වය ඇති වෙලා පොඩි මිනිස්සුන්ට වෙෙළඳාමක් ඇති වෙන්නෙ. ඉස්සර රු.ලක්ෂයට ගත්ත ගල දැන් ගන්නෙ රු. 40,000කටයි.”
“රත්නපුරේ මහා මැණික් සංගමය, මැණික් කර්මාන්තයට අදාළ කිසිදු ගැටලුවක් ගැන නොදන්නා කොළඹ මැණික් සංගමය, මැණික් ඇත්තේම නැති රත්නපුරෙන් මැණික් අරගෙන යන බේරුවල මැණික් සංගමය, වැනි සංගම් කියන දේවල්වලට අනුවයි මැණික් සංස්ථාවත්, අදාළ අනෙකුත් බලධාරීනුත් තීරණ ගන්නෙ. ඔවුන් අපි වගේ පොඩි ව්‍යාපාරිකයන් කියන දේවල් ගණන් ගන්නේ නෑ. රත්නපුර දිස්ත්‍රික්කය පුරා මැණික් සමිති 15ක් පමණ තිබුණත්, ඒ කිසිවෙක් සමග සාකච්ඡා කරන්නේ නෑ. ඒ නිසා ඔවුන්ට සැබෑ ගැටලුව හඳුනා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. අපි කියන්නෙ යම් බද්දක් හෝ අයකර රෆ් ගල් විදේශ රටවලට ගෙන යන්න අවස්ථාව ලබා දෙන්න කියලයි. වත්මන් ආණ්ඩුව බලයට එන්න පෙර මේ ගැටලුවට විසඳුම් ලබා දෙනවා කියලා කිව්වත්, දැන් ඒ ගැන කිසිම කතාවක් නෑ. මේ ක්ෂේත්‍රයට බලපා තිබෙන මේ ප්‍රධාන ගැටලුව විසඳා දෙන්නට බලධාරීන් කව්රුවත් මැදිහත් වෙන්නෙ නෑ.”

වසර 50ක ඉතිහාසයක් සහිත හැරණියාවක මැණික් වෙළෙඳපොළෙ හි වසර 43ක කාලයක් මැණික් වෙළඳාමේ නිරත වෙන රාජා මුදලාලි සිය අදහස් අපට එක් කළේ මෙලෙසිනි.
“මම හැරණියාවක මැණික් වෙළෙඳපොළට සම්බන්ධ වුණේ 1982 දී. ඒ කාලේ මෙතන පොඩියට තමයි පැවතුණේ. වාහන දෙක තුනකින් බයික් 3-4කින් එන ස්වල්ප ව්‍යාපාරික සංඛ්‍යාවක් තමයි මෙතැන හිටියෙ. ඉන් පස්සෙ මෙතනට එන වාහන ප්‍රමාණය එන්න එන්න වැඩිවුණා. මැණික් පොළ විශාල වුණා. ඒ කාලේ රු. ලක්ෂ 2-3 වාහනවල ආව අය වෙනුවට අද කෝටි 8-10 වාහනවල එන අය මෙතනට ඇවිත් ගල් ගන්නවා. ඒ තරම් සීඝ්‍ර දියුණුවක් හැරයාමක මැණික් පොළ තුළ ඇතිවුණා.”
“කොහොම වුණත් මේ වකවානුවේ ගල් පැමිණීමේ අඩුවක් තියෙනවා වගේම විකුණන ගල්වලට මුදල් ලැබීමේ ප්‍රමාදයකුත් තිබුණත් හොඳ බිස්නස් එකක් හැමදාම මෙතන සිද්ධ වෙනවා.”

‘හැරණියාවක මැණික් වෙළෙඳපොළෙ හි දශක 4කට අධික කාලයක් තිස්සේ කටයුතු කරන කැලුම් දිසානායක සිය අදහස් එක් කළේ මෙලෙසිනි.
“මම මැණික් පොළට සම්බන්ධ වෙලා අවුරුදු 40ක් පමණ වෙනවා. මේ දවස්වල ගල් ලොට් අතේ තිබුණත් විකිණෙන එක අඩුවීමේ ප්‍රශ්නයක් තමයි ඇතිවෙලා තිබෙන්නෙ. මේ නිසා හැම කෙනා අතේම ගල් ලොට් එකතු වෙලා තිබෙනවා. ඒ වගේම සල්ලි ඒමේ ප්‍රමාදයකුත් තිබෙනවා.
මැණික් සංස්ථාවෙන් රෆ් ගල් විදෙස් රටවලට ගෙනියන්න නොදීමේ ගැටලුව මේ සඳහා මූලික වෙලා තිබෙනවා. සංස්ථාව මේ ගැටලුව විසඳීමට මැදිහත්වන බව කීවත්, තාමත් එහි ප්‍රමාදයක් තමයි දක්නට තිබෙන්නෙ. ඒ වගේම ලෝක යුදමය තත්ත්වයත් මේ ගැටලුව ඇති වෙන්න හේතු වෙලා තිබෙනවා. අපේ වෙළෙඳපොළ ක්‍රමයෙන් දියුණු වෙලා තිබෙනවා. ඒ නිසාම අපේ මැණික් ව්‍යාපාරිකයන් ගෙ පුත්තුත් දැන් ක්‍රමිකව මෙතැනට ඇවිත් සම්බන්ධ වෙමින් තිබෙනවා. ඒ තුළ මේ වෙළෙඳපොළේ සුබවාදි ඉදිරි දැක්මක් ඇතිවෙමින් තිබෙනවා.”

හැරණියාවක මැණික් සංගමයේ උපසභාපති ධනුෂ්ක මෙලෙස අපට සම්මුඛ විය.
“හැරණියාවක මැණික් පොළ කියන්නෙ වෙෙළඳ මධ්‍යස්ථානයක්. මේ අවට පිරිස වගේම රත්නපුර, බේරුවල, කොළඹ සිටින පිරිස් මැණික් ගන්න සහ විකුණන්න මෙතනට පැමිණෙනවා. ලංකාවේ ප්‍රකට මැණික් ව්‍යාපාරිකයන් විශාල පිරිසක ගේ මූලාරම්භය සිදුවෙලා තිබෙන්නේ හැරණියාවක මැණික් පොළ යි. මේ දවස්වල මැණික් පැමිණීමේ සහ අලෙවියේ පොඩි අඩුවක් තිබෙනවා. කෙසේ නමුත් හැරණියාවක මැණික් වෙළෙඳපොළ කියන්නෙ විශ්වාසය උපරිමයට තිබෙන තැනක්. අලුතෙන් ක්ෂේත්‍රයට එන අයට හොඳ අවස්ථාවක් තිබෙනවා. බේරුවල සිට මැණික් ව්‍යාපාරයට පිසිසෙන බහුතරක් දෙනා මෙතනින් තමයි ඒ කටයුත්ත අරඹන්නෙ.”

රත්නපුරේ මැණික් කර්මාන්තය ප්‍රවර්ධනයට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මැදිහත්විය යුතු ආකාරය පිළිබඳ අදහස් දක්වා සිටියේ ධර්මප්‍රිය විජේසිරිය.
“මම2014 ඉඳලා තමයි හැරණියාවක මැණික් වෙළෙඳපොළ සමග සම්බන්ධ වුණේ. එදාට වඩා ලොකු දියුණුවක් අද ඇතිවෙලා තිබෙනවා. සංගමය හරහා ලොකු සංවිධානාත්මක බවක්, විධිමත් බවක්, මැණික් පොළ තුළ ඇතිකර තිබෙනවා. එමගින් ව්‍යාපාරයේ දියුණුව, වෙළෙන්දන් ගේ ආරක්ෂාව හා පුද්ගලයන්ගේ ආරක්ෂාව ඇතිකර තිබෙනවා. විශේෂයෙන් මුළු හන්දියම ආවරණය වෙන විදියට සවිකර ඇති ආරක්ෂිත කැමරා පද්ධතිය නිසා වංචාවක් කරලා මෙතනින් යන්න ලැබෙන්නේ නෑ.
අලුතෙන් විශාල පිරිසක් මේ ක්ෂේත්‍රයට පිවිසෙනවා. විශේෂයෙන් මැණික් සම්බන්ධව මොරටුව සහ සබරගමුව විශ්වවිද්‍යාල පාඨමාලා හදාරපු පිරිස් ප්‍රායෝගික පුහුණුව සඳහා වැඩි වශයෙන් පැමිණෙන්නේ හැරණියාවක මැණික් පොළටයි. ඒ වගේම මේ අවට පිරිස් පමණක් නොව – ගම්පහ, කිරිඳිවැල, බේරුවල, ගාල්ල, රක්වාන, මහනුවර, කෑගල්ල, මාවනැල්ල, ඇලහැර ආදී විවිධ ප්‍රදේශවල අය මෙතනට පැමිණෙනවා.”
“ඉස්සර ලංකාවේ නොතිබුණ මැණික් ප්‍රදර්ශන දැන් අරඹා තිබෙන නිසා ඒ හරහා විදේශිකයන් විශාල පිරිසකුත් හැරණියාවක මැණික් පොළට එනවා. නමුත් සමහර චීන ජාතිකයන් සමග එන ගයිඩ්ලා සියයට 30 - 40 කොමිෂන් ඉල්ලා සිටීම තමයි ගැටලුව වෙන්නෙ. හැබැයි රත්නපුරේ ඉන්න ගයිඩ්ලා සහ තායි ජාතියකයන් සමග එන ගයිඩ්ලා සාධාරණ විදියට සියයට 5 ක කොමිෂන් එකක් තමයි ගන්නෙ.”
“රත්නපුරේට මැණික් ගන්න එන ටුවරිස්ලා ප්‍රමාණය අඩුයි. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මේ තත්ත්වය වර්ධනය කරන්න කිසිදු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්නෙ නෑ. විදෙස් සංචාරකයන් 40 - 50කට එකවර නැවතිලා ඉන්න හෝටලයක් රත්නපුරේ නෑ. රත්නපුරේ මැණික් කුලුනක් හැදුවත් ඒකෙන් ලැබුණු සාර්ථක ප්‍රතිඵලයක් නෑ. මහා පරිමාණ මැණික් ව්‍යාපාරිකයන් කීපදෙනෙකුට ඒකේ කඩ කාමර දුන්නා කියලා මැණික් ක්ෂේත්‍රයට වෙච්ච සෙතක් නෑ. බයර්ලා රත්නපුරේට රැගෙන එන කිසිදු වැඩ පිළිවෙළක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට නෑ.”

බන්දු මුණසිංහ ද දිගු කලක් තිස්සේ හැරණියාවක මැණික් වෙළෙඳපොළ සමග සම්බන්ධව සිටින ව්‍යාපාරිකයෙකි.
/“මම 1988 සිට තමයි මෙතන මැණික් බිස්නස් කරන්නෙ. සුළු ප්‍රමාණයෙන් මෙතන මැණික් ගන්න ආ බොහෝ දෙනෙක් අද කෝටිපතියෝ බවට පත්වෙලා ඉන්නවා. අපේ මැණික් මැණික්පොළට ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් නිරන්තරයෙන්ම අලුතෙන් පිරිස් පැමිණෙනවා. නිල්, රතු මැණික්වල සිට දලං දක්වා ඕනෑම මැණික් වර්ගයක් මෙතන තිබෙනවා. අපේ මැණික් පොළ දිනෙන් දින දියුණුවක් තමයි සිදුවෙලා තිබෙන්නේ. මේ දවස්වල මැණික්වල හිඟයක් මෙන්ම, මැණික් විකුණුනත් මුදල් ලබාගැනීමේ ප්‍රමාදයක් ඇති වෙලා තිබෙනවා. කොහොම වුණත් මෙතන හොඳ බිස්නස් එකක් සිදුවනවා.”

හැරණියාවක මැණික් වෙළෙඳපොළ නිසාම සිය උසස් අධ්‍යාපනයෙන් ඉවත්ව අද වන වන විට සාර්ථක මැණික් ව්‍යාපාරිකයෙකු බවට පත්ව සිටින ලක්ෂ්මන් - රත්නපුරේ මැණික් කර්මාන්තය මුහුණ පා තිබෙන අර්බුද හා ඊට ගතයුතු විසඳුම් පිළිබඳව සිය අදහස් මෙලෙස ගෙනහැර දැක්වීය.
“මම අවුරුදු 40කට අධික කාලයක් මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්නවා. සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ කරන්න පාසල් යන්න සූදානම්ව සිටිය දී තමයි මැණික් බිස්නස් කරන්න පටන් ගත්තෙ. අන්තිමට මම උසස් පෙළ කරන්න නොගිහින් මගේ වෘත්තිය විදිහට මැණික් කර්මාන්තය තෝරා ගත්තා. මම විතරක් නෙවෙයි විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමි වූ කිහිප දෙනෙකුත් විශ්වවිද්‍යාලයේ නොගිහින් හැරණියාවක මැණික් ව්‍යාපාර කටයුතු සිදුකර ඉතා ඉහළට ගිහින් සිටිනවා.”
“මේ ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් නිරතවීම තුළ අපි දකින ගැටලු කිහිපයක් තිබෙනවා. මේ ගැටලුවලට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මැදිහත්ව විසඳිය යුතු වුවත්, ඔවුන් මැදිහත් වෙන්නේ නෑ. විශේෂයෙන් අපේ රටට සංචාරක වීසා මත එන විදේශිකයන්ට කිසිදු ලයිෂන් එකක් නැතුව මැණික් අරගෙන යන්න පුළුවන්. නමුත් අපි සංචාරක වීසා මත ගලක් අරගෙන බැංකොක් ගියොත්, ඒ රටේ පොලීසිය අපිව අල්ලාගෙන ලයිෂන් එක ඉල්ලනවා. ලංකාවේ සංස්ථාව සතුවත් එවැනි වැඩ පිළිවෙළක් තිබිය යුතුයි. අපි කියන්නේ ඔවුන්ටත් ලයිෂන් එකක් නිකුත් කරන්න කියලයි. මෙතන විතරක් නෙවෙයි, රත්නපුරේ දෙමුවාවත, බේරුවල මැණික් පොළවල්වලට කොතරම් විදේශිකයන් පිරිසක් එනව ද මැණික් ගන්න. ඔය එක් අයෙකුගෙන් ඩොලර් 50 හෝ 100ක් අයකර බලපත්‍රයක් නිකුත් කළොත් රටට ලැබෙන ආදායම කොතරම් ද?”
ඒ වගේම හැරණියාවක මැණික් පොළ දියුණු කරන්න මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට කළ හැකි දේවල් තිබෙනවා. විශේෂයෙන් පසුගියදා රත්නපුරේ පැවති මැණික් ප්‍රදර්ශනයේ දේශනයක දී මැණික් අධිකාරිය කිව්වා හැරණියාවට යන්න එතන සින්තටික් ගල් නෑ, එතන හොඳයි, ඔබට ඉගෙන ගන්න පුළුවන්, ආදී වශයෙන්. දැන් මේ කාරණය ලෝකයේම ප්‍රසිද්ධ වෙලා තිබෙනවා. නමුත් මේ තැන දියුණු කරන්න කිසිදු වැඩ පිළිවෙළක් නෑ.”
“රත්නපුරේ තිබෙන මැණික් සංස්ථාව සතු ලැබ් එකේ ගලක් දීලා එය ලංකාවේ එකක් ද, පුච්චලා ද, කියලා සොයා ගැනීමේ තාක්ෂණය නෑ. අපි පුද්ගලික ලැබ් වලින් තමයි මේ රිපෝට් දැනට ගන්නෙ. මැණික් කුලුනෙ ලොකු ලැබ් එකක් දැම්මා නම් සමස්ත මැණික් ව්‍යාපාරිකයන්ටම ඉන් ප්‍රයෝජන ලබා ගැනීමට තිබුණා. අනික මැණික් කුලුන ඇතුළට යන්න පොත් පත්වල ලියලා ලොකු ප්‍රොසෙස් එකක් සපුරන්න ඕනි. බැංකොක්වල JTC ටවර් ක්‍රියාත්මක වෙන විදිහ බලන්න. එතන සිදුවෙන බිස්නස් ප්‍රමාණය අතිවිශාලයි. එතනට යන කිසිවෙක් පොත් වල ලියලා චෙක් කරලා ගන්න ක්‍රමයක් නෑ. ඒ වගේ සරල ක්‍රමයකුයි මැණික් කුලුනෙත් තිබිය යුත්තෙ.

බේරුවල සිට පැමිණි ඉල්හාම් මැණික් මිලදී ගැනීමට අත්පොත් තබා තිබුණේ ද හැරණියාවක මැණික් වෙළෙඳපොළෙනි.
“අවුරුදු 10කට අධික කාලයක් තිස්සේ මම හැරණියාවක මැණික් බිස්නස් කරනවා. ඇත්තටම හැරණියාවක මැණික් පොළ කියන්නෙ මම මැණික් ගන්න පටන් ගත්ත තැන. මෙතන ඉන්න අය මට මැණික් ගැන කියලා දුන්නා. ඒ වගේම පවුලේ අයත් මැණික් බිස්නස් කරන නිසා ඔවුන් ගෙන් ලත් දැනුමත්, උසස් පෙළට බයෝ සයන්ස් කරලා ගත් දැනුමත්, මට ප්‍රයෝජනවත් වුණා. මෙතන පාට ගාපු ගල්, සින්තටික් ගල්, ආදී ගැටලු නෑ. කවුරු හරි ඒ වගේ දෙයක් කළොත් ජාති භේද කිසිවක් නැතුව සංගමය සහෝදරයෝ වගේ මැදිහත් වෙලා ඒ ගැටලුව විසඳලා දෙනවා.”
“මෙතන හැමෝම සහෝදරත්වයෙන් සහයෝගයෙන් ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. අපිට ලොකු සපෝට් එකක් මෙතන ඉන්න වෙෙළඳුන් ලබාදෙනවා. මෙතන ඉන්න පිරිස ඉතා හොඳයි මම හැරණියාවක මැණික් පොළට ඇර වෙන කිසිම මැණික් පොළකට යන්නෙ නෑ. ඒ තරමටම අපි අතර ලොකු බැඳීමක් තිබෙනවා. මෙහෙම පිරිසක් සමග ගනුදෙනු කිරීම ගැන හරි සංතෝෂයි.”

හැරණියාවක මැණික් වෙළෙඳපොළ යනු කාන්තා දායකත්වය ද ඇති ස්ථානයකි. දිලිනි රණසිංහ ඒ පිළිබඳව සිය අත්දැකීම් අප සමග බෙදා ගත්තේ මෙලෙසිනි.
“මම හැරණියාවක මැණික් පොළ සමග සම්බන්ධ වුණේ මේ වසරේ ජුනි මාසයේ සිටයි. මගේ තාත්ති කිරිඇල්ලෙ. තාත්ති මැණික් පතල් කළ නිසා මට මැණික් ගැන අදහසක් තිබුණා. ඉන් පස්සෙ මමත් පතල් කළා. ඒ හරහා මේ ෆීල්ඩ් එකට ඇතිවුණ කැමැත්ත මත තමයි මම මැණික් ගන්න පිවිසුණේ. අලුතෙන් පටන් ගන්න කෙනෙකුට ඉගෙන ගන්න හොඳ මාර්කට් එකක් විදිහට තමයි හැරණියාවක මැණික් පොළ දකින්නෙ. මෙතන ඉන්න අය හරිම සපෝට්. ගැහැනු ළමයෙකුට කිසිම ගැටලුවකින් තොරව ඇවිත් මෙතන මැණික් ගන්න පුළුවන්. මම මැණික් පිළිබඳව හැදෑරීමක් සහිතව තමයි මෙතනට ආවේ. ඒ දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න මෙතන හොඳ මධ්‍යස්ථානයක්. අපි යම් හැදෑරීමක් සමග ක්ෂේත්‍රයට පිවිසෙනවා නම් ගැටලුවකින් තොරව අපේ ගමන යන්න පුළුවන් කියලා මට හිතෙනවා.”

හැරණියාවක මැණික් වෙළෙඳපොළ යනු නවක මැණික් ව්‍යාපාරිකයන්ට තිඹිරිගෙයකි. බිමල්ක එලෙසින් බිහි වූ නවක මැණික් ව්‍යාපාරිකයෙකි.
“මගේ වයස27යි. 2017 සිට තමයි මම හැරණියාවක මැණික් පොළ සමග සම්බන්ධ වුණේ තාත්තත් එක්ක තමයි මුලින්ම ආවෙ. ඒ වගේම මම මැණික් පිළිබඳව පාඨමාලාවකුත් හදාරලා තමයි ක්ෂේත්‍රයට පිවිසුණේ. මෙතන පජාති ගල් නෑ. හොඳ ගල් විතරයි තියෙන්නෙ. මෙතන ඉගෙන ගන්න පුළුවන් හොඳ මිනිස්සු ඉන්න බිස්නස් කටයුතු හොඳින් කරගෙන යන්න පුළුවන් තැනක් විදිහට තමයි දකින්නෙ. මම ආව කාලේ මැණික් වැඩිපුර තිබුණා. නමුත් මිල අඩුයි. දැන් ගල් අඩුයි. හැබැයි මිල වැඩියි. ඒ වගේ වෙනසක් සිදුවෙලා තිබෙනවා. පතල්වල ගල් හම්බවීමේ අඩුවක් තිබෙනවා. අලුතෙන් මේ ක්ෂේත්‍රයට විශාල පිරිසක් සම්බන්ධ වෙමින් සිටිනවා. විශේෂයෙන් කොළඹ සිට විශාල පිරිසක් මෙතනට එනවා.”

ලෝක ප්‍රවණතා හමුවේ මැණික් කර්මාන්තය මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳව චමින්ද තිලකරත්න මෙලෙසින් සිය අදහස් එක් කළේය.
“1988 සිට මම හැරණියාවක මැණික් පොළ සමග සම්බන්ධ වුණු කාලේ මැණික් හොඳට තිබුණා. කොහොම වුණත් අපි විශ්වාස කරන විදිහට විශ්වාසවන්තම මැණික් වෙළෙඳපොළ තමයි හැරණියාවක. ඒ නිසයි මැණික් ගැන නොදන්න ළමයෙක් වුණත්, මැණික් ගැන ඉගෙන ගන්න බය නැතුව දෙමාපියන් මෙතනට එවන්නෙ.
කොහොම වුණත් රෆ් ගල් විදෙස් රටවලට ගෙනියන්නෙ දෙන්නෙ නැති ගැටලුවට පුංචි වෙළෙන්දන්ට ගොඩක් බලපාලා තිබෙනවා.”

හැරණියාවක මැණික් සංගමයේ භාණ්ඩාගාරික සුමිත් කුමාර හැරණියාවක මෙන්ම සමස්ත මැණික් කර්මාන්තය පිළිබඳව තුලනාත්මක විග්‍රහයක් ගෙනහැර දැක්වූයේ මෙලෙසිනි.
“මම මේ ක්ෂේත්‍රයට පිවිසිලා අවුරුදු 27ක් පමණ වනවා. මම තනිවම මේ වෙළෙඳපොළෙන්ම දේවල් ඉගෙන ගෙන තමයි අද මේ තත්ත්වයට ඇවිත් ඉන්නෙ. මේ වකවානුවේ කර්මාන්තය තිබෙන්නේ යම් අවදානමක. මේක තමයි කර්මාන්ත අතරින් අස්ථාවරම කර්මාන්තය. උදාහරණයක් විදිහට මැණික් ගල් මාර්කට් එකට පැමිණීමේ අඩුවක් වුණොත් මැණික් කැපීමේ කර්මාන්තයේ එනම් ලැපිඩරි කටයුතුවල නිරත ළමයින්ට රැකියාව අහිමි වෙනවා. රැකියා අහිමි වන ළමයින් වෙන ක්ෂේත්‍රවල රැකියාවලට ගියොත්, යළි මැණික් කර්මාන්තයට සම්බන්ධ කර ගැනීමට නොහැකි වෙනවා.”
“මම මේ ක්ෂේත්‍රයට පිවිසිලා අවුරුදු 27ක් පමණ වනවා. මම තනිවම මේ වෙළෙඳපොළෙන්ම දේවල් ඉගෙන ගෙන තමයි අද මේ තත්ත්වයට ඇවිත් ඉන්නෙ. මේ වකවානුවේ කර්මාන්තය තිබෙන්නේ යම් අවදානමක. මේක තමයි කර්මාන්ත අතරින් අස්ථාවරම කර්මාන්තය. උදාහරණයක් විදිහට මැණික් ගල් මාර්කට් එකට පැමිණීමේ අඩුවක් වුණොත් මැණික් කැපීමේ කර්මාන්තයේ එනම් ලැපිඩරි කටයුතුවල නිරත ළමයින්ට රැකියාව අහිමි වෙනවා. රැකියා අහිමි වන ළමයින් වෙන ක්ෂේත්‍රවල රැකියාවලට ගියොත්, යළි මැණික් කර්මාන්තයට සම්බන්ධ කර ගැනීමට නොහැකි වෙනවා.”
“මීට විසඳුමක් ලෙස ඇඟලුම් කර්මාන්තයේ දී විදෙස් රට වලින් රෙදි ගෙනවිත් නිමි ඇඳුම් සකසා යළි අපනයනය කරන අයුරින් මැණික් කර්මාන්තය සඳහාත් විදෙස් රට වලින් මැණික් ආනයනය කර ලැපිඩරි සඳහා ලබා දී - කපා ඔප දමන මැණික් යළි ප්‍රතිඅපනයනය කරන ක්‍රමවේදයක් සැකසිය යුතුයි. එසේත් නැතිනම් ලැපිඩරි සඳහා සංස්ථාව මැදිහත්ව මැණික් ගල් සංචිතයක් පවත්වා ගෙන යායුතුයි.”
“රෆ් ගල් සම්පූර්ණයෙන් පිටරට යැව්වොත් ලැපිඩරි කර්මාන්තය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. නමුත් රෆ් ගල් විදෙස් රටවලට යවන්න නොදුන්නොත් මැණික් වෙෙළඳාම් කරන පිරිසට මේ හරහා ගැටලුවක් මතුවෙනවා. මේ නිසා දෙපිරිසටම අසාධාරණයක් නොවන ලෙස රෆ් ගල් පිටරට යැවීම සම්බන්ධව තීරණයක් ගත යුතුයි. ඒ වගේම බාල දලං : (කඩතොලු වූ කුඩා මැණික්) සඳහා බැංකොක්වල හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඒ නිසා එවැනි ගල් ඒ වෙළෙඳපොළට යැවිය යුතුයි.
ඒ වගේම මැණික්වලින් නිර්මාණ සිදුකර ලෝක වෙළෙඳපොළ දක්වා ගෙන යන වැඩ පිළිවෙළක් ඇති කළ යුතුයි. මේ වනවිටත් මැණික් වලින්: (පළිඟු) නිර්මාණ සිදුකරන හුදකලා නිර්මාණ ශිල්පීන් ඉන්නවා. ඔවුන්ව එකතු කරගෙන ලෝක වෙළෙඳපොළට මේ නිර්මාණ යැවීමේ නිසි වැඩපිළිෙවළක් ඇරඹුවොත් රටේ තිබෙන පළිඟු ප්‍රමාණයත් මදි වෙයි. කළු කට්ටවලින් මෙන්ම කොට්ටර ගල් වලිනුත් මෙවැනි නිර්මාණ කරන්න පුළුවන්. සංස්ථාව මේ සඳහා මැදිහත් විය යුතුයි.”
හැරණියාවක මැණික් වෙළෙඳපොළ තුළ සිදු කළ සංචාරයේ දී හඳුනාගත් ප්‍රධාන ගැටලුවක් වන්නේ රෆ් ගල් විදෙස් වෙළෙඳපොළ වෙත යැවීම සීමා කිරීම තුළ සමස්ත මැණික් කර්මාන්තයම අකර්මණ්‍ය වී ඇති බවය. ඒ නිසා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණ ගැනීමේ දී මහා සංගම්වලට පමණක් සීමා නොවී, බිම් මට්ටමේ සමිති සමාගම්වල අදහස් ද විමසමින් කටයුතු කරන්නේ නම්, මැණික් කර්මාන්තයේ හෙට දවස වෙනුවෙන් බෙහෙවින් හිතකර වනු ඇත.එසේම මැණික්කරුවන් අපේක්ෂා කරන විද්‍යාගාර පහසුකම් මෙන්ම මැණික් නිර්මාණකරණය හා විදේශිකයන් අතර රත්නපුරේ මැණික් වෙළෙඳපොළ ප්‍රචලිත කිරීමට ද මැණික් අධිකාරිය මැදිහත් වන්නේ නම් මැණික් කර්මාන්තයට යහපත් කල දසාවක් උදාවනු ඇත.
විශේෂ ස්තුතිය -‘හැරණියාවක මැණික් සංගමයේ සියලු නිලධාරී මහත්වරුන්ට.
නිරෝෂාන් ප්‍රේමරත්න
නිරෝෂාන් ප්‍රේමරත්න
ඡායා - ජයමාල් චන්ද්‍රසිරි