
(අංජුල මහික වීරරත්න)
අධි අනාරක්ෂිත තත්ත්වයේ සිටින දරුවන් 17,000ක් මේ වන විට හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
ඔවුන් ඇතුළුව සියලු මට්ටම්වල දරුවන් අධීක්ෂණය කරමින් සිටින බව කී අමාත්‍යවරයා කිසිදු දරුවෙකු අත් නොහැර සෑම දරුවෙකුගේම සමාජ සුරක්ෂාව වෙනුවෙන් රජය පෙනී සිටින බව කීය.
ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ විශිෂ්ටයන් ඇගයීමේ වයඹ පළාත් වැඩසටහනට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද (26) මෙම වැඩසටහන පැවැත්විණි.
මෙහිදී කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂ වලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ 1-10 දක්වා ස්ථාන ලබාගත් සිසුන් 240 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 24 කි.
2025 ඔක්තෝබර් මස 08
1462
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1312
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අධි අනාරක්ෂිත දරුවෝ දාහත් දාහක්