IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


පොඩි මල්ලියේ

සිලුවටය 20

 

කුරුල්ලො අඹලා
සත පනහේ කුලිය ගන්ට
ගල් දුන්නත් අතට අරන්
දවස පුරා වෙලේ රකින
පොඩි මල්ලියෙ

උඹේ කකුල් රිදෙනවා නම්
වෙල ඉද්දර ගල් ඇන්දේ වාඩි වෙයන්
ගල එතකොට පුටුවක් වෙයි

ළිප් දාහේ ඉර ඇවිළී
දන විට පොඩි මූණ නුඹේ
වෙල අද්දර නුග සෙවණේ ඈඳි ගනින්
ළා දළු චාමර සෙලවී
නුඹට පවන් සලයි මලේ
අතු අග හොටවල් සෙලවී
නුඹට ගීත ඇසෙයි මලේ

ඉර රතු වී නිවි යද්දී
දාඩිය කුණු කඳුළු එක්ක
තොටමුණ ළඟ ගඟට බසින්
සීතල රැළි අත් සීයෙන්
උඹ වට කර තුරුළු වෙවී
ගඟ පහළට ගලා යාවි
දිය සුළියේ ඔඩොක්කුවේ
නැළැවී ඉඳ කිමිදී ඉඳ
ගොඩට වරෙන්

මලේ මලේ අඳුර එද්දි
හෙල්මැලි සෙවණැලි නලියන
ගුරු පාරෙන් ගෙදර යමන්
වැලි කැට සුදු පලසක් වී
සිඹ ගනීවි දෙපා නුඹේ

ඈත සිටන් කඩුල්ල ළඟ කිකිළී හඬ ගා කීවේ
නැට්ටක් නැති ගෙඩියක් අද නුඹේ නමට දාපු වගද?

සඳ එළියේ රැළි විසිරෙන චීත්තෙ යට
ගුලි වෙන විට ලණු මැස්සේ
අන්න බලන් උඹෙ තනිවට
අහසෙත් මල් - පොළොවෙත් මල්
ගින්දර පාටින් බබළන

මලේ මලේ නින්දට පෙර
ඩිංගක් මේ ගැන හිතපන්
මේ සේරම තෑගි ලැබුණෙ ලොවින් නුඹට
මොනවද මල්ලියෙ දෙන්නෙ නුඹෙන් ලොවට?

එක පාරට
ටකේ ගසන්නෙපා මලේ
කුරුල්ලන්ට
ඉඩක් දියන්
එක කරලක් ඇන්න යන්ට

පරාක්‍රම කොඩිතුවක්කු 

( පොඩි මල්ලියේ කාව්‍ය සංග්‍රහය )



අදහස් (0)

පොඩි මල්ලියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1821 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1479 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site