IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


අයියනායක

සිලුවටය

සෙවණැලි අවදි නොමවන වැව් ඉවුරු    කොනේ
කාලය විසින් හෑරුව නුග ගසක             බෙනේ
මල කා කළු ව ගිය ආයුධ කැබැලි          පෙනේ
දෙවියෙක් නැත ද මෙහි බලයක් තිබෙනු දැනේ

 

බුදු ගුරු සනි හිරුට හිමි හැම දවස්වල
මේ සංහි‍‍‍ඳේ එළියක් ඇත සවස් කල 
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් කළ
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්වල

 

වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ   රත
ගන'ඳුර වසන විට ආලෝකයෙහි            නෙත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ           මත
එක දෙවියෙක් නොවේ දාහක් එතන       ඇත

 

දෙවි දේවතාවුන් සැරි සරන මහ වනේ
පවතින  බලය ඇඟ ලොම් තුඩකටද දැනේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසුණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ

 

සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස්වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම

 

සාගත වසංගත හා එන නියඟ            වලින්
සහනය පතා වන දෙවියන් ළඟට       කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ          මලින්
පෙලෙඹෙන අයට අනුකම්පා කරමි    මුලින්

 

ගංගොඩ ව‍ටා මෝරන වන ලැහැබ              මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු                  වන
බලවත් අයියනායක, දෙන ගොදුරු             ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු             තැන

 

පත්තෑ කටුස්සන් දෙබරුන් සිටින             තැන
මීමුන් මදින් මත්වී අං මදින                     තැන
වැව්වල මිනී කන කිඹුලන් ගැනද             දැන
මේ අය රකිනු මැන යන එන සියලු           තැන


මා පිල් පිඹුරු නයි පො‍ළඟුන් සිටින           තැන
අලි කොටි වළස් මුළු කොළහල කරන      තැන
නිතරම ඔබ පුදන මේ අය ඇඳින               ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු                  මැන



අදහස් (0)

අයියනායක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1821 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1479 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site