IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘දුටුගැමුණුගේ නිධානයෙන්’ ගත් රන්කාසි විකිණූ ජාවාරම

“හලෝ කුමාරද කතා කරන්නේ?”   


“ඔව්. ඔය කවුද?” 

 
“මම මාතරින් කතා කරන්නේ. මට අකුරැස්සේ අපේ ඇන්ටි කෙනෙක් තමයි මේ අංකය දුන්නේ. මට ඇන්ටි කිව්වා ඔයා ගාව අර බිස්කට් වගයක් තියෙනවා කියලා.”   


“බිස්කට් නෙවෙයි මහත්තයා කාසි. මට නෙවෙයි අපේ තාත්තාට ලැබුණ නිධානයක් මේක. මහත්තයා තාත්තට කතා කරන්නකෝ, මම තාත්තට දෙන්නම්”  


 
“හලෝ කුමාරගේ තාත්තද?”   


“ඔව් මහත්තයා මම මේ ළමයින්ට කෑ ගැහුවා මේවා තැන තැන කියන්න එපා කියලා. මේවා භයානක වැඩනේ. අපි මහත්තයාව අඳුනන්නෙත් නැහැ.”   


“ඔව්. අපිත් ඔයාලව අඳුනන්නේ නැහැ. මටත් බයයි මුදල් අරගෙන ඔය වගේ ගනුදෙනුවකට එන්න වුණත්”   


“අපෝ මුදල් අරන් එන්න එපා, මහත්තයා සල්ලි බැංකුවට දාලා එන්න. මෙහේ බැංකු තියෙනවානේ. මහත්තයා මේවා බැංකුවකින් චෙක් කරගෙන අරන්, එතනදී සල්ලි දෙන්න. එතකොට හරිනේ.”   


“අනේ ඒක කොයි තරම් දෙයක්ද? ඔය විදිහට කතා කරද්දි අපිට ලොකු විශ්වාසයක් ඇති වෙනවා.”   


“මහත්තයා මොනවද කරන්නේ?”   


“මම වාහන බිස්නස් කරන්නේ.”


“ඕවා ලැබුණේ කොහෙන්ද?”   


“අපි අපේ ඉඩමක ගලක් කඩන්න වෙඩි දැම්මා. එතකොට ගල ඇතුළේ තිබිලා සෙම්බුවක් හම්බ වුණා. එකේ තමයි මේවා තිබුණේ. මේක දන්නේ මගේ පුතාලා දෙන්නම් නෝනයි විතරයි.”   


“ඒ කියන්නේ නියම බඩු නේද?”   


“ඔව්, දුටුගැමුණු කාලේ තැන්පත් කරපු නිධානයක් කියලා තමයි අපි සැක කරන්නේ. මම ඒත් මේවා බැංකුවට ගිහින් චෙක් කරලා බැලුවා. බැංකුවේ නෝනා කිව්වා නියම කැරට් විසිහතර රත්තරං කියලා.”   


“හා හා, දැන් ඔයා ළග කොච්චර විතර කාසි තියෙනවාද?”   

 

 

 

“කිලෝ හතරහමාරක් විතර තියෙනවා. තව මැණික් ගල් හතරක් තියෙනවා. හවඩි වගයකුත් තියෙනවා.”   


“ඔය ඔක්කොම එකම නිධානයේද තිබුණේ?”   


“මහත්තයා තව ගොඩක් දේවල් තියෙනවා. ඉස්සර වෙලා අපි මේ ගනුදෙනුව කරගෙන විශ්වාසය ඇති කරගනිමුකෝ”   


“මගේ යාළුවෙකුත් ඉන්නවා. මට පුළුවන් කිලෝ එකක් අරන් බලලා එයාටත් අරන් දෙන්න”   


“අනේ මහත්තයෝ මේවා ගැන ඇත්ත කතාව නම් කියන්න එපා. මහත්තයා කියන්න රට ඉඳලා ආපු කෙනෙක් රත්තරන් වගයක් ගෙනත් තියෙනවා. අඩු ගාණට දෙනවා කියලා.”   

‘අනේ මහත්තයෝ මේවා ගැන ඇත්ත කතාව නම් කියන්න එපා. මහත්තයා කියන්න රට ඉඳලා ආපු කෙනෙක් රත්තරන් වගයක් ගෙනත් තියෙනවා. අඩු ගාණට දෙනවා කියලා.’   


‘අපොයි එහෙම ඇත්ත විස්තරේ කියන්න තරම් මෝඩයෙක් නෙවෙයි මම. මොකද මමත් කරන්නේ වැරැද්දක්නේ. යාළුවෝ වුණත් අද කාලේ කාවද විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසා බය වෙන්න එපා. මම කිසිම දෙයක් කිසිම කෙනෙකුට කියන්නේ නැහැ.’   


මේ සංවාදය ඇති වුණේ වාහන ගෙන්වා අලෙවි කරන ව්‍යාපාරිකයකු හා නිධානයකින් ලැබුණ රත්තරං විකුණන අයකු අතර වගේ පෙනුණත් මේ දෙන්නාගෙන් ව්‍යාපාරිකයා ලෙස පෙනී සිටින්නේ පොලිසියේ කොස්තාපල්වරයෙකි. ඔහු මෙසේ වෙස් වළාගෙන සිටින්නේ ‘නිධානයකින් ගත් රත්රන් බඩු’ යැයි පවසමින් රත්තරං ආලේපිත ඊයම් හා වෙනත් ලෝහ වර්ග විකිණීමේ ජාවාරමක නිරත වූවකු කොටු කරගැනීමටය.  


“අපොයි එහෙම ඇත්ත විස්තරේ කියන්න තරම් මෝඩයෙක් නෙවෙයි මම. මොකද මමත් කරන්නේ වැරැද්දක්නේ. යාළුවෝ වුණත් අද කාලේ කාවද විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසා බය වෙන්න එපා. මම කිසිම දෙයක් කිසිම කෙනෙකුට කියන්නේ නැහැ.”   


මේ සංවාදය ඇති වුණේ වාහන ගෙන්වා අලෙවි කරන ව්‍යාපාරිකයකු හා නිධානයකින් ලැබුණ රත්තරං විකුණන අයකු අතර වගේ පෙනුණත් මේ දෙන්නාගෙන් ව්‍යාපාරිකයා ලෙස පෙනී සිටින්නේ පොලිසියේ කොස්තාපල්වරයෙකි. ඔහු මෙසේ වෙස් වළාගෙන සිටින්නේ “නිධානයකින් ගත් රත්රන් බඩු” යැයි පවසමින් රත්තරං ආලේපිත ඊයම් හා වෙනත් ලෝහ වර්ග විකිණීමේ ජාවාරමක නිරත වූවකු කොටු කරගැනීමටය.   
සැකකරු කියා සිටින්නේ තමන්ට ලැබුණ නිධානයේ රත්තරං කිලෝ හතරහමාරක් ඇති බවය. කිලෝවක් රුපියල් ලක්ෂ විස්සක් වන අතර ලක්ෂ දාහසය බැගින් වන මුදලකට එම රත්තරන් ලබාදීමට සැකකරු එකඟ විය. සැකකරු කන්තලේ පදිංචිකරුවෙකි.   


ඒ අනුව පසුගිය දිනක පොලිස් කොස්තාපල් ජයලාල් මහතා තවත් කොස්තාපල්වරයකු සමග වෑන් රථයකින් ගනුදෙනුව සඳහා පිටත් විය. කතා කරගත් වෙලාවට කන්තලේට යාමට පිටත් වූ ඔවුන් කැකිරාවේදි ඇමතුමක් ලබාදුන් විට යළි හොරොව්පතානට එන ලෙස දැනුම් දෙනු ලැබිණ. මේ රස්තියාදු කිරීම නිසා ගනුදෙනුව අතහැර යන බවට ව්‍යාපාරික ශාන්ත ලෙස වෙස්ගත් කොස්තාපල් ජයලාල් පැවසූ විට “එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඔයාලා ටින්ටඩ් කරපු වාහනයක ඇවිත් තියෙන්නේ. අපිටත් බයක් තියෙනවා. අපි කිව්වානේ සල්ලි වත් වෙන කෙනෙක්වත් එක්ක එන්න එපා කියලා. ඒ නිසා තමයි අපිට ගනුදෙනු වෙනස් කරන්න වෙන්නේ” යැයි සැකකරු පැවසීය.   


ඉන්පසුව සැකකරු දැනුම් දුන්නේ “කැකිරාවේ යාළුවෙක් ඉන්නවා. එහාට යන්න. එයා බඩු දෙයි” යනුවෙන් පවසා සැකකරු තවත් පුද්ගලයකු සම්බන්ධ කළේය. එම පුද්ගලයා හමුවීමට ගිය විට “දැන් වැස්ස, පොළොව යට වළ දාලා තියෙන්නේ. ඒ නිසා මම සල්ලි දෙන්නම්. අදට අනුරාධපුරයේ රෙස්ටුරන්ට් එකක කාමරයක් අරන් නවතින්න” යැයි සැකකරු පැවසුවේ පොලිස් නිලධාරීන් රස්තියාදුවට පත් කරමින් ඔවුන් ගැන හරියටම තොරතුරු දැනගැනීමේ අවශ්‍යතාවයෙන් විය හැකිය.   


පසුදින කතා කළ විට තලාව පාරේ ඉපලෝගමට එන ලෙසත් එතනින් වැව් බන්ට් එක අසලට එන ලෙසත් දැනුම් දුන් අතර පසුව ඔහුට තනියම එන ලෙස දන්වා කැලෑවකට රැගෙන යන්නට තැත් කළේය. “එවිට බඩු පරීක්ෂා කිරීමට පැමිණි පුද්ගලයා මැෂින් එකත් සමග වාහනයේ ඉන්නවා. ඔහුවත් රැගෙන යායුතු” බව කොස්තාපල් ජයලාල් පැවසීය. ඒ අනුව ඔහුද රැගෙන කැලෑවට ගිය විට මඳ වෙලාවකින් ඔවුන්ට රත්තරන් හා සමාන ගුළි කිලෝවකට ආසන්න ප්‍රමාණයක් ලැබිණ. එහිදී පරීක්ෂා කිරීමට ලැබුණ රත්රන් ගුළිය තනි රත්තරං වුවත් අනෙක් එවා ව්‍යාජ රත්තරන් විය.   


එම රන් ගුළිද රැගත් පොලිස් නිලධාරින් මුදල් ලබාදීම සඳහා වාහනයට එන ලෙස ඉල්ලා සිටියේය. මුදල් ලබාගැනීමට සැකකරුවන් පැමිණි පසු වාහනයේ සැඟව සිටි පොලිස් නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිණ.   


සැකකරු සතුව තිබූ රත්තරංවලට සමාන ලෝහ කැබලිද අත්අඩංගුවට ගත් අතර ඒවා සමග සැකකරු ඉපලෝගම පොලිසියට භාරදෙනු ලැබිණ. මේවා සැබෑවටම නිධන් වස්තුද? එසේ නම් ඒවා ලැබුණේ කොහෙන්ද?

නැතහොත් ඒවා රත්තරං ලෙස ව්‍යාජව සැකසූ ලෝහ කැබලිද යනාදී කරුණු පිළිබඳ පරී්‍ක්ෂණ කිරීම ඉපලෝගම පොලිසිය විසින් ඉදිරියට සිදුකරනු ඇත.   


වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාට ලැබුණ තොරතුරක් අනුව ඔහුගේ උපදෙස් පරිදි මෙහෙයුම සිදුකරනු ලැබුවේ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරික්ෂකවරුන් වන සිරිවර්ධන, පොලිස් සැරයන්වරුන් වන 5083 ජයරත්න, 42520 ජයරත්න, පොලිස් කොස්තාපල් 428 ජයලාල්, 76176 සදීෂ්, 70407 සඳරුවන්, 80150 මධුසංඛ, 30848 තේනුවර, 30557 දසනායක යන නිලධාරීන් විසිනි.   

 

 

 

 


මුදිතා දයානන්ද සමග 
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ  



අදහස් (0)

‘දුටුගැමුණුගේ නිධානයෙන්’ ගත් රන්කාසි විකිණූ ජාවාරම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 327 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site