IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


අවුරුදු 7 න් කලා තරුවක් වුණු සශ්‍රිකා සේමිනි


ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන කියමන වෙනස් කරමින් ගායනය, රංගනය, නිවේදනය වගේම හඬ කැවීම ආදී ක්ෂේත්‍ර ගණනාවක දස්කම් දක්වමින් ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඇය නමින් සශ්‍රිකා සේමිණී. ඉතා කුඩා වයසෙන්ම තරැවක් වීමට වාසනාව හිමි කරගත් ඇය දඟකාර, කටකාර, හැඩකාර යුවතියක්. මේ මෙවර සැදැල්ලෙන් ඇයට වෙන් වූ ඉඩකඩයි.

  •  සශ්‍රිකා මුලින්ම කලාවට පිවිසුනේ කොහොමද?

මම පොඩි කාලෙ ඉඳන්ම සින්දු කියන්න ගොඩක් කැමති කෙනෙක්. කාටුන්වල සිංදු එහෙම අහගෙන ඉදල ඒව ගායනා කරනව ඒ කාලෙ. මුලින්ම මම කලාවට පිවිසෙන්නෙ නම් අවුරැදු 07 දි. ඒ Little Starවේදිකාව හරහා. අද මේ වෙනකොට මම නියෝජනය කරන හැම දෙයක්ම මට කරන්න හමුවුණේ සහ ඒ දේවල්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ ඒ වේදිකාව නිසා.

  •  ඔබගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වුණු ලිට්ල්ස්ටාර් තරගය ගැන මතක් කළොත්....  

එතකොට මට අවුරැදු 07යි. මම ගොඩක් පොඩි නිසා තරගයක් කියන්නේ මොකද්ද කියලවත් තරගකාරී බවක් පිළිබඳවත් දැණුනෙ නැහැ. හැබැයි අද වගේ මතකයි තරඟයට ගිය පළවෙනි දවස. අම්මයි අප්පච්චියි එක්ක තමයි ගියේ. ගොඩක් අය හිටියා. තරඟකාරී බවක් ගැන දැනීමක් නැති වුණත් ඒ සෙනඟ දැක්කම පොඩි ලැජ්ජාවක් හිතුණා. මම සින්ග් කරන්න බෑ කියල නැවත යන්නත් හිතුවා. හැබැයි අම්මගෙයි අප්පචිචිගෙයි දිරිමත් කිරීම නිසා තමයි මම එදා සිංදු කීවේ. මම ඒ හඬ පරීක්ෂණයේදී ගායනා කළේ දුර පෙනෙන තැනිතලා ගීතය. ඊට පස්සෙ පියවරින් පියවර ඉදිරියට ගිහින් අවසන් මහා තරඟයේ 8න් පහළ ගායන අංශයේ දක්ෂතම පුංචි තරැව වුණා. ඒ ජයග්‍රහණය ලබා ගන්න මගෙ පළවෙනි සංගීත ගුරැවරිය වශයෙන් මගේ අම්මා, අජිත් සර්, නුවන් සර්, නිහාල් ගම්හේවා සර් ඇතුළු මගේ ගුරැවරැ මට ලොකු ශක්තියක් වුණා. ඉතින් අද සශ්‍රීකා කියල කෙනෙක් මුළු ලංකාවක් හඳුනන්නේ ඒ තරඟය නිසා තමයි.

  •  එතකොට රංගනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?

රංගනයට මම මුලින්ම සම්බන්ධ වෙන්නේ රූපවාහිනී වෙළඳ දැන්වීමක් හරහා. ඒ මගේ ජයග්‍රහණයෙන් මාස දෙකකට විතර පස්සේ. ඇත්තටම මට ඒ වෙනකොට රංගනය ගැන දැනීමක්වත්, අදහසක්වත් තිබුනණෙ නැහැ. හැබැයි මම ඒක කරා. ආදරයෙන් මතක් කරන්න ඕන ඉලංගො අන්කල් එයා තමයි මගේ රංගන ජීවිතේ පළවෙනි අධ්‍යක්ෂකතුමා. මේ විදිහට මම රූපවාහිනී වෙළඳ දැන්වීම් කිහිපයකටම සම්බන්ධ වුණා.

  • ඔබ දස්කම් දක්වන ගායනය, රංගනය, නිවේදනය, හඩ කැවීම් ආදී ක්ෂේත්‍රවලින් ඔබ වැඩිපුරම කැමති  මොනවටද?

ඇත්තටම මට එහෙම එකක් තෝරගන්න අමාරැයි. මම ඒ ක්ෂේත්‍ර හතරටම හරිම කැමතියි. මම ඒවා හරි භක්තියෙන් කරන දේවල්. ඒ අවස්ථාවේ මම නියැලෙන අංශයට මගේ උපරිමය දීල ඒ වැඩේ සාර්ථකව කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තෝර ගන්නම අවස්ථාවක් ලැබුණොත් මම තෝරගන්නෙ ගායනය මොකද මාව හදුනාගන්නෙ එතනින් නිසා.

  •  කලාව ගැන ඔබ හැදෑරීම් කරල තියෙනවද?

ගායනය පැත්තෙන්නම් මම විශාරද part two වෙනකම් විභාග කරල තියෙන්නේ. ඒ අනුව ගායනය යම්තාක් දුරකට හදාරලා තියනවා. නමුත් රංගනය, නිවේදනය, හඬ කැවීම් ආදී අංශ පිළිබඳවනම් ඉගෙනගෙන නැහැ. මම මේ හැමදේම ගැන ඉගෙන ගන්න ආස වුණත් මගේ අධ්‍යාපන කටයුතු නිසා මේ දවස්වල ඒක කරන්න අමාරැයි. හැබැයි මම බලාපොරොත්තු වෙනවා ඉක්මණින්ම මේ දේවල් ඉගෙන ගන්න.  

  •  මේ දිනවල ඔබේ කලා කටයුතු එහෙම කෙහොමද?

දෙරණ නාළිකාවේ විකාශය වන ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ රංගන කටයුතු කරගෙන යනවා. තව මගේ අලුත්ම ගීතයක් ළඟදීම එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක බොහෝ දුරට සැප්තැම්බර් අඟ හෝ ඔක්තෝම්බර් මුල අහන්න ලැබේවී. ඒ වගේම වෙළඳ දැන්වීම්වල හඩ කැවීම් සහ වොයිසින් වැඩකටයුතු කරගෙන යනවා.

  •  අධ්‍යාපන කටයුතු ගැන කීවොත්,

මම මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගය අවසන් කරලා ප්‍රතිඵල ලැබෙනකන් ඉන්නේ. ඒ වගේම දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය කටයුතු කරමින් ඉන්නෙ. මම මේ විදිහට පෞද්ගලිකව අධ්‍යාපන කටයුතු කරන්න හිතුවේ ඒ සඳහා ගතවෙන කාලය අඩු කරගන්න සහ කලා කටයුතු සමබරව කරගෙන යන්න පහසුවෙන නිසා.

  •  අධ්‍යාපන කටයුතු සමඟ කලා කටයුතු සමබරව කරගෙන යන්නෙ කොහොමද?

ඇත්තටම අධ්‍යාපනය කියන දේ හැම ක්ෂේත්‍රයකටම වැදගත්. පාසල් අධ්‍යාපන කටයුතු සමබරව කරගන්න ගුරැවරැන්ගෙන් වගේම යාළුවන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා. උසස් අධ්‍යාපන කටයුතු පෞද්ගලිකව ආරම්භ කරන්න හිතුවෙත් මේ දේ නිසාම තමයි. ඉතින් මේ හැමදේම එක්ක මම මේවනතුරැ අධ්‍යාපනයයි කලාවයි සමබරව කරගෙන ගියා. ඉදිරියටත් ඒ දේවල් මේ විදිහටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

  •  සශ්‍රිකාට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොයි වගේ ද?

මේ ලැබෙන ප්‍රතිචාරවලට මුලින්ම ස්තූති කරන්න ඕන මගේ අම්මටයි අප්පච්චිටයි. මොකද එයාලා තමයි මාව නොතේරෙන වයසෙදි මේ ක්ෂේත්‍රයට යොමු කළේ. ඒ නිසා තමයි මට මෙච්චර ආදරයක් ලැබුණේ. ඒ ප්‍රතිචාරවලදි ඒ හමුවෙන අය මාව ගොඩක් නම්වලින් හදුන්වනවා. දිනුකි කියනවා. මාළු කපිලගෙ දුව කියනවා. කුල්ෆි කියනවා. පොඩ්ඩි කියලත් කියනවා. තවත් අය මගේ නමින්ම කථා කරනවා. ඉතින් මේ ප්‍රේක්ෂක ආදරය මම දකින්නේ විශ්වයෙන් ලැබුණු තෑග්ගක් විදිහට. ඒ ආදරයට මම හරිම ආදරෙයි.   


දුලක්ෂි ලියනගේ


 



අදහස් (0)

අවුරුදු 7 න් කලා තරුවක් වුණු සශ්‍රිකා සේමිනි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 154 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site