කපිල කුමාර කාලිංග

අසූව දශකයේ ගුවන් විදුලියේ ඉතාම ජනප්‍රිය වැඩසටහනකි කෙටි කතාව.සුගතපාල ද සිල්වා විසින් නිෂ්පාදනය කළ ගුවන් විදුලි වැඩසටහනට මෙරට ප්‍රවීණ කෙටිකතා කරුවන් ඔවුන්ගේ කෙටිකතා යොමුකළ යුගයකි..
ඒවන විට පෞද්ගලික ආයතනයක රැකියාවකළ කපිල කුමාර කාලිංග බොහෝ පුවත්පත්වලට තම නිර්මාණ යොමුකළ අතර සතිපතා ඒවා පළවිය.
ගුවන්විදුලියේ කෙටිකතා වැඩසටහනේ කපිල කුමාර කාලිංග ගේ කෙටි කතා ප්‍රචාරය වීමත් සමග බොහෝ දෙනා ඒ පිළිබඳ කතාකරන්නට විය.

මේ අතර දිනක් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර කපිල කුමාර හමුවූ විටෙක කෘතියක් පළකිරීමේ අදහස විමසා ඒ සඳහා ගොඩගේ සමාගම වෙත යොමුකර ඇත.කපිල කුමාර ඔහුගේ කෙටි කතා අත්පිටපතක් ගොඩගේ සමාගමට යොමුකළේය.
ඉන් සති කීපයකට පසු ජේ වෝට් තොම්සන් ආයතනයට මුද්‍රණය කළ කෙටි කතා පොත් පහළොවක් කපිල කුමාර කාලිංගගේ නමට එවා තිබුණි.
1990 වසරේ ඔහුගේ පළමු කෙටිකතා සංග්‍රහය
"නාවිකයින් සතර දෙනෙකු පිළිබඳ ප්‍රස්ථාව පිරුළක් " නමින් ප්‍රකාශයට පත් ව්ය.

***

"මට මතක නෑ, කොහෙ එක කුස උපන් කෙනෙක්ද,එහෙම නැත්නම්.."

ඒ වගේ තමයි,එයා කලින් කියලත් නෑ,පුතෙකලු,කාටද පුළුවන් ඔය හැටි නෑකම් මතකතියාගන්න."

"මට මතක නෑ ,ඔයා කලින් කියලත් නෑ .එහෙම කෙනෙක් ගැන"

අපි මොහොකට නැවතුනෙමු.මුළු මහත් විශ්වයම නැවතිලා තිබුණි .අමාලිගේ දෙතොල් පමණක් සැලෙන්න⁣ට විය.

"එයා දැන් සි⁣ටුවරයෙක්,රට ඉදල ඇවිත් පියාපත් තොගයක්ම ගෙනත් තිබුණ.එක එක පාට ඒව.එයා පාවිච්ච් කරන්නෙ ඊස්මන්ට් කලර් ඒව.ආපහු යන්නලු හිතංබ ඉන්නෙ බලන්න එපායෑ දැන් හැඩ.හරියට මහත්වෙලා ඒයි.

"කොහෙද එයා හිටියෙ?"

"එක්ස් ද මොකක්ද කිව්වා"

"ආ ආ එක්ස් නැමති රාජධානිය "

"අන්න හරි ඔයා කොහොමද දන්නෙ?"

"මට පෙන්නුම් කරල තියෙනව"

"ඒක මිසක්"

මං අමාලිය කැන්දගෙන ගියා ම⁣ගෙ කුටියට.

"මේකෙ අස්සෙ පුස් ගඳයි"

**

භක්ති තලගල විසින් කෙටි කතා සංග්‍රහයට පිටකවරය නිර්මාණය කරන ලදි.පොතක අළෙවි වටිනාකම වූයේ රුපියල් පනහකි.(රු.50/-)
වෘධ යුවළ හා නවාතැනේ තරුණිය
හර්තාල් සමයේ ප්‍රේම පුෂ්පය
කාර්ය නියමයක් නැති විධායක නිලධාරියා
රෝද පුටුව
අපරූප කතාව
නාවිකයින් සතර දෙනෙකු පිළිබඳව ප්‍රස්ථාව පිරුළක්
චිත්‍ර ශිල්පියෙකුගේ සටහන් පොත...
ආදී වශයෙන් කෙටි කතා හතක් එහි අඩුංගු ව්ය.

බොහෝ පුවත්පත්වල කෙටිකතා සංග්‍රහය පිළිබඳව විචාර ලිපි පළවිය.

  "  ...මගේ බොහෝ මිතුරන් දන්නා පරිදි නවාතැන් මාරු කිරීමෙහිලා මා අති දක්ෂයෙක්.අලුත් නවාතැනකට යන හැම වතාවකම මා සිතන්නේ එය සදහටම වුව විසිය හැකි අපූරු තැනක් බවය.එහෙත් ඉතා ටික කාලයකින් කුමන හෝ හේතුවක් නිසාම මට එය එපාවෙයි මේ හේතුව බොහෝ දෙනා නොපිළිගන්නා අන්දමේ ඒවාය.
දැනට මා සිටින නවාතැන මා වැඩිම කාලයක් 
රැඳී සිටි නවාතැනද වෙයි .ඊට හේතුව වූ විශේෂ කරුණක් ගැනද මට එක එල්ලේ සිතාගත නොහැක.මේ ගෙට පිවිසෙන්නෙකුට එකවරම පෙනී යන්නේ එකිනෙකට මුහුණලා එක දිගට පිහිටා ඇති විශාල කාමර පෙළකි.ඒවායේ ජනේල පලු සහ දොරවල් සදාකාලයටම වසා දමා ඇත.මේ කාමර පේළිය අතරින් දිවෙන දිගු අඳුරු කොරිඩෝවකි.අඳුරු ගුහාවක වැනි මුළුතැන්ගෙයින් පටන් ගන්නා  එය විශාල සාලයෙන් හා ඉස්තෝප්පුවෙන් අවසන් වෙයි . සෑම තැනකම දක්නට ඇත්තේ කළුවර කවිච්චි දැවැන්ත කණ්ණාඩි  මේස කැටයම් කළ රාමු දැමූ අපැහැදිලි ඉපැරැණි  සමූහ ඡායාරූප හා තව තවත් නොයෙකුත් අපූරු කෞතුක වස්තූන්ය. ...."
(වෘධ යුවළ හා නවාතැනේ තරුණිය)

 

ඔහුගේ සාහිත්‍ය මෙහෙවරට දැන් වසර තිස් පහකි.
ගේය පද රචකයෙකු,කවියෙකු,කෙටිකතා රචකයෙකු,නවකතා කරුවෙකු,නාට්‍ය පිටපත් රචකයෙකු හා පරිවර්තකයෙකු ලෙස කපිල කුමාර කාලිංග සිංහල සාහිත කෙතට දායාද කළ නිර්මාණ කෘති ගණන තිස්පහකි.

"වැඩිපුර පෑනක් නැද්ද" මම ඉදිරිපස මේසයේ සිටි සමරසිංහ දෙස  බැලුයෙමි .
"මිස්ට දල්පතාදුගෙන් ඉල්ලන්ඩ"
"කොතන්ද ඉන්නෙ,මම අදුරන්නෑ තාම"
අනුන්ට උදව් කිරීමේ කිසිදු මදිකමක් නොදකින සමරසිංහ වහාම නැගිට මා දල්පතාදු වෙත රැගෙන ගියේය.වීදුරු කාමර කිපයක් අද්දර උස ලී අල්මාරි දෙකක් සහ යකඩ කනප්පුවක අසල වූ අවුල්ව ගිය මේසය පසුපස මේ මහලු මිටි පුද්ගලයා හිඳ සිට්යේය.ඔහු ඇඳ සිටියේ ගෙවී ගිය සුදු පැහැති කලිසමක් හා නූල් ඈත් වූ කහ පැහැති අත්කොට සමිසයකි . එහි අත්  වැලමිටට පහළට එල්ලා වැටුණි .කොටට කැපූ හිස කෙස් පුළුන් ⁣රොදක්  සේ සුදු පැහැතිය.අප එහි ගිය බව නොදුටුවාක් මෙන්  වෙනත් වැඩක යෙදී සිටියේය.
"මිස්ට දල්පතාදු " සමරසිංහ තරමක් උස් හඬින් කතා කළේය.

"ඔව් මොකද" දල්පතාදු උපැස් යුවළට යටින් බැලුවේය.

"මේ අර අස්වෙලා ගිය ජයදේව වෙනුව⁣ට ආපු මිස්ට.මෙයාට පෑනක් තියෙනවනම් දෙන්න.ලිය ලිය හිටපු පෑනෙ තීන්ත හිරවෙලා."

"ආ එහෙමද?"
(කාර්ය නියමයක් නැති විධායක නිලධාරියා)

 

1990 වසරේ දී කෙටි කතා සංග්‍රහයක් රචනා කරමින් ක්ෂේත්‍රයට පිවිසි ඔහු 2012 වසරේ සිය පළමු නවකතාව වූ "පියැසි කවුළුව" වෙනුවෙන් විද්‍යෝදය සම්මානය ලැබීය.2019 වසරේ දී ඔහුගේ "අදිසි නදිය" නවකතාව  ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2021 වසරේ දී "නිරෝධායන චාරිකාව" කෙටිකතා සංග්‍රහය වෙනුවෙන් ගොඩගේ සම්මානය ලැබීය.
2024 වසරේ හොඳම ගී පද රචනා එකතුව වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවූවේ ඔහු විසින් රචිත "වසන්තයේ අග" කෘතියටය.