විශ්ව සාහිත්‍යයේ කීර්තියට පත් ලේඛකයකු වන අර්නස්‌ට් හෙමිංවේ විසිවැනි සියවසේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ලේඛකයන් අතරින් කෙනෙක්. ඔහුගේ නවකතා සහ කෙටිකතා ලෝක සාහිත්‍යයේ ඉමහත් ජනප්‍රියත්වයක් උසුලන අතර ඒවායින් කිහිපයක් සිංහල භාෂාවටත් පරිවර්තනය වී තිබෙනවා. ඔහුගේ ජීවන චරිතය අසාමාන්‍ය වූ අතර ඒ පිළිබඳව තාමත් හෙළි නොවූ තොරතුරු තිබෙනවා.
පවුලේ එකම පිරිමි දරුවා නොනිමි අරගලයක්” ලෙස ජීවිතය අර්ථ දැක්වූ අර්නස්ට් මිලර් හෙමිංවේ උපදින්නේ 1899 වර්ෂයේ ජුලි 21 වැනිදා ඉලිනොයිස් ප‍්‍රාන්තයේ චිකාගෝ නගරය අසල ඕක් පාක් හිදීයි. හෙමිංවේගේ පියා වෛද්‍යවරයකු ලෙස සේවය කළ අතර මව සෞන්දර්ය කලා විෂයන්ට අදාළව සංගීත ගුරුවරියක් විය. කුඩා කාලයේදී තම මව, මෙහෙකාරිය හා සහෝදරියන් හතරදෙනා සමඟයි ඔහුගේ දිවිය ගෙවෙන්නේ.
කුඩා හෙමිංවේ සම්පුර්ණයෙන් කාන්තා අාධිපත්‍යයට නතු වන අතර ඔහුගේ මව කුඩා හෙමිංවේට වසර කිහිපයක් යන තුරු අන්දවන්නේ ගැහැනු දරුවන්ගේ ඇඳුම්. හෙමිංවේ සමඟ පාසල් යැවීම සඳහා ඔහුගේ වැඩිමහල් සහෝදරියට වැඩිපුර වසරක් නිවසේ ගත කිරීමට පවා සිදු වෙන්නේ ඔහුගේ මව විසින් මේ දෙදෙනා නිවුන් දරුවන් ලෙස පාසල් ගත කරවූ බැවින්.
කතන්දර ගොතා කියූ කුඩා හෙමිංවේ
තම දෙමාපියන් සහ යාළු මිත‍්‍රයන් ඉදිරියේ කතන්දර ගොතා කියන්නට කුඩා කාලයේ පටන්ම ඔහුට අපූරු හැකියාවක් තිබුණා. පාසල් අධ්‍යාපනය සඳහා ඕක්‌පාර්ක් නම් විදුහලට ඇතුළත් වූ හෙමිංවේ එම විදුහලේ ඉගෙන ගන්නා සමයේදී විදුහල මගින් ප්‍රකාශයට පත් කළ සාහිත්‍ය සඟරාවේ සංස්‌කාරකවරයා ලෙස කටයුතු කරනවා. එය ඔහුගේ ඉදිරි සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ මුල් පියවර විය. පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසුව හෙමිංවේ, කැන්සාස් සිටි ස්ටාර් (Kansas City Star) පුවත්පතට වාර්තාකරුවෙක් ලෙස එක් වී කටයුතු කරනවා.
සොල්දාදුවකු හා ලේඛකයකු වීම
පසුව පළමු ලෝක යුද්ධය ඇති වූ බැවින් ඉතාලියේ සටන් පෙරමුණේ ගිලන්රථ රියැදුරකු ලෙස හෙමිංවේ සේවය කරනවා. යුද්ධයේදී ප්‍රහාරයට ලක් වීම හේතුවෙන් වරෙක ඔහුට රෝහල් ගත වී ප්‍රතිකාර ලැබීමට සිදු වෙනවා. යුද්ධය නිම වීමෙන් පසුව නැවත පුවත්පත් ලේඛකයකු ලෙසත් බොක්සිං ක්‍රීඩකයකු හා දඩයම්කරුවෙක් ලෙසත් වරින් වර කටයුතු කරනවා. නමුත් පසුව ඔහු ජනප්‍රියත්වයට පත් වන්නේ පුවත්පත් ලේඛකයෙක් හා නවකතාකරුවෙක් ලෙසයි.
ඔහුගේ මුල්ම පොත්, වැඩි පිරිසකගේ අවධානයට යොමුවන්නේ නෑ. අලෙවිය අතින් ද ඒවා එතරම් සාර්ථක වන්නේ නෑ. ඔහුගේ පොත් අතරින් කාගේත් කතාබහට ලක්වූ ප‍්‍රථම නවකතාව වූයේ 1926 වසරේ එළි දැක්වුණු “ද සන් ඕල්සෝ රයිසස්” (The Sun also Rises) නම් කෘතියයි. එය ඇමරිකානු සාහිත්‍යයේ සුවිශේෂ වූ කෘතියක් හැටියට සැලකෙනවා. පසුව ඔහු “ටොරන්ට්‌ස් ඔෆ් ස්‌ප්‍රිං” (The Torrents of Spring) යන ග්‍රන්ථය එළිදක්වනවා. 1927 දී “මෙන් විතවුට් වුමන්”( Men Without Women) යන කෙටි කතාද ප්‍රකාශයට පත් කරනු ලබනවා.
හෙමිංවේගේ තවත් මුල් කාලීන කෘතියක් වුණු 1929දී ප්‍රකාශයට පත් වූ “ෆෙයාර් වෙල් ටු ආම්ස්” (A Farewell to Arms) කෘතිය ඇමෙරිකානු සාහිත්‍ය තුළ ප‍්‍රසාදයට පත්වූ අතර යුද්ධය හා සාමය පසුබිම් කරගෙන ලියැවී ඇති එයට ඉතාලි යුද්ධ පෙරමුණේදී ඔහු ලැබූ අත්දැකීම් පසුබිම් වී තිබෙනවා.
නොබෙල් ත්‍යාගය
වයස අවුරුදු 41 දී හෙමිංවේ පදිංචිය සඳහා කියුබාවට යන අතර හෙමිංවේ වසර 30ක කාලයක් පුරා කියුබාවේ ජීවත් වෙනවා. කියුබාවේදී සිය සුවිශේෂී නිර්මාණ ගණනාවක් රචනා කරන අතර හවානාවේ La Bodeguita හී මධුවිත තොලගාමින් ඔහු සිය සවස්වරුව ගතකළ බව සදහන්. කියුබානු ධීවරයන් ඔහුගේ හොඳ මිතුරන් බවට පත්වෙනවා. ඔහු ඔවුන් සමග ගැඹුරු මුහුදේ මසුන් මරන්නට පවා යනවා. එය පාදක කරගනිමින් ඔහු 1952දී "මහල්ලා සහ මුහුද” (The Old Man and The Sea) කෘතිය රචනා කරනවා. “මිනිසා විනාශ කළ හැකිය. එහෙත් පරාජය කළ නොහැකිය” යන ඔහුගේ අදහස මේ පොතෙන්ද ඔහු අපූරුවට විදහා දක්වනවා.
මෙම පොත වඩා ජනප්‍රිය වීම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පිරිනමන පුලිස්ටර් සම්මානයෙන් ඔහු පිදුම් ලබනවා. 1954 වසරේ සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය හෙමිංවේ විසින් හිමිකරගන්නේ “ඕල්ඩ් මෑන් ඇන්ඩ් ද සී” කෘතියටයි.1952දී ග්‍රන්ථයක් ලෙස එළි දැක්වූ “ද ස්‌නෝස් ඔෆ් ක්‌ලිමන්ජාරෝ ” (The Snows of Kilimanjaro) නමැති කෙටිකතා සංග්‍රහයටද ලැබුණු පාඨක ප්‍රතිචාර ඉහළ වූ අතර එම ග්‍රන්ථය ඉතා ඉක්මනින්ම අලෙවි වෙනවා.
ඔහුගේ විවාහ ජීවිතය සම්පූර්ණයෙන් අසාර්ථක එකක් වූ අතර මේ හේතුවෙන් පළමු බිරිඳගෙන් වෙන් වී දෙවැනි විවාහයක්ද අනතුරුව තෙවැනි හා සිවුවැනි විවාහ ද කරගනු ලබනවා. හතරවන විවාහය සාර්ථක වන්නේ ඇය ඉතාමත් ඉවසිලිවන්ත කාන්තාවක් වූ හේතුවෙන් බව හෙමිංවේ පසුව ප්‍රකාශ කරනවා.
ලිවීම අහිමි වීම හා දිවි නසාගැනීම
ජීවිතයේ සැඳෑ සමය කියුබාවේ තම ගොවිපොළේ තෘප්තිමත්ව ගත කළ හෙමිංවේට නොසිතන කරදරයකට මුහුණ දීමට සිදු වෙනවා. කියුබාව අතහැර යන ඔහුට පසු කාලයේදී පරම්පරාගත මානසික රෝගයකින් පීඩා විඳින්නට සිදු වෙනවා. ඉන් පසු දිවියේ විවිධ වෙනස්කම් හේතුවෙන් රෝග ගණනාවකට ගොදුරු වී දැඩි මානසික අසහනයකට පත්වෙන ඔහුට තම ලිවීමේ හැකියාව පවා අහිමි වෙනවා.
අනතුරුව තමන්ගේ ආරක්ෂාව හා මුදල් පිළිබඳව දැඩි කනගාටුවෙන් පසු වූ හෙමිංවේ මානසික පීඩනයෙන් කල් ගෙවනවා. වරක් දිවි නසා ගැනීමට තැත් කළ ඔහුව මායෝ ක්ලිනික් (Mayo Clinic) නම් මානසික වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළු කර ප්‍රතිකාර ලබා දෙනවා. එහිදී ශරීරයට විදුලි සැර වද්දවා කරනු ලබන ප්‍රතිකාර ඔහුට සිදු කරන අතර නැවතත් සුව වීමෙන් පසු නිවෙසට පැමිණෙනවා. නමුත් 1961 වසරේ ජූලි 2 වැනිදා ඔහු දිවි නසා ගන්නේ තම ගිනි අවියෙන් තමා විසින්ම වෙඩි තබා ගැනීමෙන්.
මෙම මානසික රෝගී බව ඔහුගේ පියාටත් සහෝදරයකුට හා සහෝදරියකට ඇතුළු පරම්පරාවේ පස් දෙනකුට වැළඳී තිබුණු අතර ඔවුන් මිය යන්නෙත් සියදිවි හානිකරගෙනයි. මෙම මරණය ඔහු ගිනි අවිය පිසදමමින් සිටියදී ඇති වූ අනතුරක් හේතුවෙන් සිදු වූ බව ඔහුගේ බිරිඳ විසින් ප්‍රකාශ කළත් ඉන් මාස කිහිපයකට පසුව එය සියදිවි හානි කරගැනීමක් බව ඇය විසින් පිළිගන්නවා.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
මහල්ලා සහ මුහුදෙන් ගොඩගිය අර්නස්‌ට් හෙමිංවේ