(නිමල කොඩිතුවක්කු)
මඩකලපු විශ්වවිද්‍යාලය සම්බන්ධව සියලූ කරුණු පදනම් කරගෙන සකස් කළ සම්පූර්ණ වාර්තාව ජුලි පළමු සතියේ දී පාර්ලිමේන්තුවට බාරදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශූ මාරසිංහ මහතා කොළඹදී අද (20) පැවැසීය.
මෙම විශ්වවිද්‍යාලය රජයේ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක වන පෞද්ගලික විශ්වවිද්‍යාලයක් විය යුතු බවත් ඒ අනුව මෙය මඩකලපුව තාක්ෂණ විශ්වවිද්‍යාලය ලෙස පිහිටු වන ලෙසත් එම වාර්තාව මගින් යෝජනා කරන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
මඩකලපු විශ්වවිද්‍යාලය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් සකස් කරන ලද වාර්තාව පිළිබඳව කොළඹ අරලියගහ මන්දිරයේ දී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම්වත් කිරීමෙන් පසුව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව හමුවට මේ ආයතනයේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ පුතා වන හිරාස් හිස්බුල්ලා මහතා කැඳවා ඔහුගෙන් දිගින් දිගටම කරුණු විමසා බැලූ බවද ආශු මාරසිංහ මහතා එහිදී පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ මාස ගණන් කල් ගන්නේ මේ වගේ වැඩවලට?