(උපාලි ආනන්ද)
බාල වයස්කාර දැරියක රවටා අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් තිදෙනෙකු 19 වැනිදා තෙක් යළි බන්ධනාගාර ගතකරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදීෂානි මහත්මිය අද(10) නියෝග කළාය.
එම සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස ඔවුන්ගේ නීතීඥයින් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළාය.
තඹුතේගම පදිංචි බී. ඒ. සුදර්ශන බුද්ධික සඳරුවන්, අනුරාධපුර පදිංචි චතුර කුමාර අබේනායක සහ අනුරාධපුර මයිලගස්හංදිය පදිංචි ඩී. ආර්.ඉෂාන්ත නදීෂාන් ශානික දිසානායක යන සැකකරුවන් මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණි.
අනුරාධපුර නගරයේ ළමා නිවාසයකින් පැන ගොස් අනුරාධපුර පැරණි බස් නැවතුම්පොළේ අතරමංව සිටි 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් රවටා ගෙන හෝටලයකට රැගෙන ගොස් වරින් වර ඇය බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ගෙන තිබිණි.
අද අධිකරණයට නඩුව කැඳවූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවමත් අවසන්ව නැති බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරුවන් මීට පෙර තඹුත්තේගම වැඩබලන මහේස්ත‍්‍රාත් කිත්සිරි ද සිල්වා මහතා හමුවට ඉදිරිපත් කර, එහිදී පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී දැරිය විසින් සැකකරුවන් හඳුනාගන්නා ලදී.
සිද්ධිය පිළිබඳව කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය තවදුරටත් නියෝග කළාය.
තඹුත්තේගම මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අතුකෝරල මහතාගේ උපදෙස් මත එම පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතීඥ බුද්ධික ලෙව්කෝ බණ්ඩාර මහතා පෙනී සිටියේය.
2025 නොවැම්බර් මස 04
832
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බාල වයස්කාර දැරිය අපයෝජනය කළ තිදෙනා යළි රිමාන්ඩ්
Ruhunu Tuesday, 10 March 2020 12:35 PM
සාක්කිකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ මන්ද මානසික අයෙක්ද?