IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


බීම බෝතල් ලොරියේ සඟවා බුරුත කඳන් ප්‍රවාහනය කරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
හිස් බීම බෝතල් ප්‍රවාහනය කරන මුවාවෙන් බුරුත කඳන් තොගයක් ලොරියකින් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු මිල්ලගස් හන්දියේදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස රථ වාහන අංශය පවසයි.

එම බුරුත දැව තොගය රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමින් යුතු බවත්, බුරුත කඳන් 150කට අධික ප්‍රමාණයක් තිබූ බවත් පොලිසිය කියයි.

රත්නපුර සිට පැමිණෙමින් තිබූ ආවරණය කරන ලද ලොරිය සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත හොරණ පොකුණුවිට හන්දිය ආසන්නයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීහු ලොරිය හඹාගොස් එය නවතා පරීක්ෂා කළහ.

ලොරියේ රියැදුරු සහ සහයකවරයා ලොරියේ ඇත්තේ හිස් බීම බෝතල් බවත් ඒවා කඩුවෙල බීම කර්මාන්ත ශාලාවකට ගෙන යන බවත් පවසා තිබිණි. එය පිළිනොගත් පොලිස් නිලධාරීහු ලොරිය පරීක්ෂා කිරීමේදී මෙම බුරුත දැව තොගය එහි සඟවා තිබියදී සොයාගෙන ඇත.

 



අදහස් (0)

බීම බෝතල් ලොරියේ සඟවා බුරුත කඳන් ප්‍රවාහනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32277 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14777 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 83 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 362 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1283 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site