
(චාපා මධුභාෂිණී)
ගුණාත්මක පොහොර ලබා දී අලි මිනිස් - ගැටුම ඇතුළු ඉල්ගැලීම්ට කීපයක් මුල්කර ගනිමින් බකමූණ ඔරුබැඳි සියඹලාව වෙල් යායේදී ගොවි උද්ඝෝෂණයක් පැවැත්විණි.
ගුණාත්මක බීජ ,ගොවීන්ට ප්‍රමාණවත් තරම් පොහොර , වී සඳහා ස්ථාවර මිලක් දෙන්නැයි උද්ඝෝෂකයෝ එහිදී ඉල්ලා සිටියහ. ගොවීහු 200 ආසන්න පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියහ.
මාස් කන්නයේ වී වගාව සදහා කානික පොහොර අදියර හතරම යෙදූ ගොවීන්ට පමණක් වන්දි ලබා දෙන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා කළ ප්‍රකාශයට ඔවුහු විරෝධය පළකළහ.

COMMENTS
අලින්ගේ ප්‍රදේශවල ඔහෙලා ළැගුම් ගත්තාම අලි සමග අලිගැටුම් ඇතිවෙනවාමයි. මේ සිංහල රට ආසියාවේ ධාන්‍යාගරය වෙලා තිබුණු කාලේ කුඹුරුවලට රසායනික පොහොර යෙදුවේ නැත. උතුරේ ගොවියන් පන්දම් පත්තු කරගෙන උද්ගෝෂණය කරමින් රසායනික පොහොර ඉල්ලන්නේ නැත. උතුරේ ගොවියාට හැකිදේ නුඹලාට බැරි ඇයි? ඒ නුඹලා ජෙප්පන් නිසාද?
හතර වටේට උද්ඝෝෂණ වැඩ වර්ජන කර කර ඉන්නවට වඩා ලේසි නැද්ද වෙන පක්ෂෙකට චන්දේ දෙන එක? එක්කෝ දැනට බලයට ආපු නැති පක්ෂෙකට චන්දේ දීල කරන්න පුලුවන්ද බලන්න. අලුත් අදහස් තියෙන පක්ෂ බර ගානක් තියෙනවා නේ. නැත්නම් ඔයාලම චන්දේ දුන්න ආණ්ඩුවට සහයෝගය දක්වලා කරන වැඩට බාධා නොකර ඉන්න.