IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ජනතාවට බෙදාදීමට ගෙනා ලක්ෂ 24 ක වියළි ආහාර තවමත් ගබඩාවල

 

(ශාන්ත චන්ද්‍රසිරි)
 
අඩු ආදායම්ලාභී ජනතාවට බෙදාදීම සඳහා නුවරඑළිය ප්‍රාදේශීය සභාව මගින් මිලට ගෙන ඇති රුපියල් ලක්ෂ 24 ක පමණ වටිනාකමකින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් ගබඩාවක විනාශ වී යන බව ජනතාව කියති.
 
ජනතාවට බෙදා නොදීම හේතුවෙන් ප්‍රාදේශීය සභාව විසින් මිලට ගන්නා ලද පොල්, ලොකු ළුණූ, සුදු ළුණූ, ලුණු ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය රැසක් මේ වනවිට නරක්වී විනාශවී යාමේ අවදානමට ලක්ව ඇති බවත් පවතින ඇඳිරි නීතිය හමුවේ කිසිඳු  ආදායමක් නොමැතිව දැඩි දුෂ්කරතාවයට ලක්ව සිටින තමන්ට කඩිනමින් එම ආහාර ද්‍රව්‍ය බෙදා දෙන ලෙස ජනතාව ප්‍රාදේශීය සභාවේ බලධාරීන්ගෙන්  ඉල්ලා සිටිති.
 
තවදුරටත් මෙම වියලි ආහාර ද්‍රව්‍ය තොගය මෙසේ ගබඩාවේ අනාරක්ෂිත අයුරින් ගබඩා  කර තිබීමෙන් ඒවා සම්පුර්ණයෙන්ම නරක් වී, ගුල්ලන් ආදි සතුන් බෝවී විනාශ වී  යාමට ඉඩ ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

මෙම වියළි ආහාර ද්‍රව්‍ය තොගය නුවරඑළිය ප්‍රා‍දේශීය සභාව විසින් මිලදී ගෙන අද (12) වනවිට දින 19 ක් පමණ ගතව තිබේ.
 
මේ පිළිබඳව නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති වේලු යෝගරාජන් මහතාගෙන් කරන ලද විමිසීමකදී ඒ මහතා මෙසේ පැවැසීය.
 
“රටේ පවතින මෙම අර්බුධකාරි තත්ත්වය හේතුවෙන් වතු කම්කරුවන් ඇතුළු සෙසු ජනතාව විශාල පිරිසක් මාගේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අසරණව සිටිනවා.
 
ප්‍රාදේශීය සභාවේ විශේෂ රැස්වීමක් කැඳවා අනුමැතිය ලබාගෙන ඔවුන්ට බෙදාදීමට ප්‍රාදේශීය සභාවට ලැබී ඇති බදු මුදලින්  රුපියල් ලක්ෂ 24 ක පමණ වටිනාකමින් යුතු වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් මිලදී ගත්තා.
 
එහෙත් ඒවා ජනතාවට බෙදාදීමට සියළුම කටයුතු අවසන් කර තිබියදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් නියෝගයක් කර තිබෙනවා එම භාණ්ඩ ජනතාවට නොමිලේ ලබා නොදී මුදලට ලබා දෙන ලෙස.
 
දුප්පත් ජනතාව අතේ මේ අවස්ථාවේ මුදල් නැහැ. ඔවුන් දැඩි ලෙස අසරණවයි ඉන්නේ. ඒ තත්ත්වය මත එම වියළි ආහාර ද්‍රව්‍ය තොගය බෙදාදීමට නොහැකිව ගබඩා කර තිබෙනවා. ඒවායේ සමහර භාණ්ඩ මේ වනවිට නරක් වී යමින් පවනිනවා.”
 
මෙම ආහාර ද්‍රව්‍ය බෙදාදීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සකස් කර දෙන මෙන්  මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩුකාරවරයාගෙන්  ඉල්ලා සිටිනවා” යයිද සභාපතිවරයා  පැවැසීය.



අදහස් (2)

ජනතාවට බෙදාදීමට ගෙනා ලක්ෂ 24 ක වියළි ආහාර තවමත් ගබඩාවල

lankasri Sunday, 12 April 2020 01:06 PM

maranaya peni penith munta thiyena sallie kaadara kama.

:       0       2

Lahiru Sunday, 12 April 2020 01:13 PM

මොන තරම් අපරාධයක්ද? මිනිස්සු කන්න නැතුව ඉන්නවා. දේශපාලන පළිගැනීම්.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 412 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1388 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 443 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 542 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 510 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 394 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1199 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 301 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1335 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site