(ජේ.කේ.එල් චාමින්ද)
ගිංතොට මෝය කටේ සිටියදී හමුවූ ගැට කිඹුලා සිය ප්‍රජනන අවශ්‍යතාවයන් සඳහා මුහුදු හරහා සංක්‍රමණය වන්නට ඇති බව හික්කඩුව ජාතික උද්‍යානයේ භාරකරු උත්පල දාරංග මහතා පවසයි.
මෙම ගැට කිඹුලා දිගින් අඩි 14ක් හා අගල් 03කින් යුත් විශාල ගැට කිඹුලකු බව සඳහන් කළ උත්පල දාරංග මහතා මෙම සතා බුන්දල ජාතික උද්‍යානයට මුදාහැරීමට රැගෙන ගිය බව සඳහන් කළේය.
ගැට කිඹුලා ගංගාවකින් මෝය කට වෙත පැමිණ මුහුද හරහා තවත් මෝය කටක් වෙත සංක්‍රමණය වන බවත් වසරේ කාලයකට මෙය සිදුවන බවත් හෙතෙම පවසයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් උත්පල දාරංග මහතා මෙසේද කීවේය.
‘‘ගැට කිඹුලා මුහුද සමඟ සම්බන්ධ වෙලා තමයි නිතරම ඉන්නේ.මෙක සාමාන්‍ය දෙයක්. ගැට කිඹුලන් ප්‍රජනන අවශ්‍යතාවයන් සඳහා විටින් විට මුහුද හරහා ගමන් කරනවා.
ඇත්තටම මේ සතා ඉවත් කරන්න අවශ්‍ය නැහැ. නමුත් ජනතාවගේ මැදිහත් වීම නිසා සතාගේ ආරක්ෂාව වෙනුවෙන් බුන්දල ජාතික උද්‍යානයට රැගෙන ගියා. මේ සතා ගිංගඟේ තමයි ඉන්න ඇත්තේ. මිනිසුන් දැල් දමා සතා අල්ලා තිබුණා.
විශාල වර්ගයේ කිඹුලන් සංක්‍රමණය වන්නේ ආහාර අවශ්‍යතාවයට වඩා ප්‍රජනන අවශ්‍යතාවයන් සඳහා බව තමයි නිරික්ෂණවල දී දැක ගතහැකිවෙලා තියෙන්නේ යැයි ද හික්කඩුව ජාතික උද්‍යානයේ භාරකරු උත්පල දාරංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගැට කිඹුලා බුන්දල ජාතික උද්‍යානයට