(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ නව සභාපති ඇතුළු සාමාජිකයන්ට පත්වීම් පිරිනැමිමේ උත්සවය උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී අද (26) පැවැත්විණි.
පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පළාත් අධ්‍යපන අධ්‍යක්ෂ විශ්‍රාමික එස්.එම් ගලගොඩ මහතා පත් කර තිබේ.
රාජ්‍ය සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන එස්.එච්.බී. යසපාල මහතා සහ නීතිඥ සාධනා තිමති සෝමරත්න මහත්මිය සෙසු සාමාජිකයන් ලෙස පත් කර ඇත.
මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.පී. බණ්ඩාර, ආණ්ඩුකාර ලේකම් ආනන්ද කුලරත්න, ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් එච්.එම්. තිලක බණ්ඩාර යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
උතුරු මැද රාජ්‍ය සේවා කොමිසමේ නව සභාපති එස්.එම් ගලගොඩ