(උපුල් තම්මිට)
රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් අනුරාධපුර අටමස්ථානය බැතිමතුන්ගෙන් හිස්වීම නිසා එහි දිවිගෙවන වඳුරන් ආහාර අර්බුදයකට මුහුණ දී සිටිති.
වෙනදාට වන්දනාවේ පැමිණෙන බැතිමතුන් රැගෙන එන මල් ඇතුලු බැතිමතුන් ලබාදෙන ආහාර පානාදියෙන් කුස පුරවාගත් වඳුරන් විශාල ප්‍රමාණයක් මේ වනවිට කිසිදු ආහාරයක් නොමැතිවීම හේතුවෙන් දැඩි කුසගින්නේ පසුවන අයුරු දකින්නට ලැබේ.
අනුරාධපුර නගරයේ තරුණයන් මේ වනවිට අයාලේ යන සුනඛයන් ඇතුලු සතුන්ට ආහාර ලබාදීමේ වැඩසටහනක් ආම්භකර ඇති අතර අටමස්ථානයේ වෙසෙන වඳුරන්ට පාන් බනිස් ලබාදීමට මෙම පිරිස කටයුතු කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd