IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරින් චීන ජාතිකයා මරුට

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කල්පිටිය, කුරිඤඤංපිටිය ප්‍රදේශයේදි ගමන් කරමින් තිබු මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද ( 16 )   සිදුවු අනතුරකින් චින ජාතිකයකු මරණයට පත්ව ඇති බව කල්පිටිය පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ අංක 18 කොළඹ 3 ලිපිනයේ වසර 15 කට ආසන්න කාලයක් රැදි සිට ව්‍යාපාරික කටයුතු වල නිරත වු හුන්ජී යු විචිග් නැමති 44 හැවිරිදි චින ජාතිකයකු බව කියයි.

මරණයට පත් චින ජාතිකයා තවත් චින ජාතිකයකු සමග කොළඹ සිට කල්පිටියට ගමන් කරමින් සිටියදී ගමන් කල මෝටර් රථයේ අධික වේගය හේතුවෙන් පාලනයෙන් මිදි වට කිපයක් පෙරළි ගොස්  විදුලි කනුවක ගැටි නැවති ඇති බව කියයි.

අනතුරින් රථය ධාවනය කල චින ජාතිකයා මරණයට පත්ව ඇති අතර ඔහු සමග ගමන් කල අනෙක් චින ජාතිකයින් දෙදෙනාට ද සුළු තුවාල සිදුව ඇති බව කල්පිටිය පොලිසිය කියයි.

අනතුරින් මරණයට පත් චින ජාතිකයාට මෙරට  රියදුරු බලපත්‍රයක් ඇති බවද පොලිසිය කියයි.

 



අදහස් (0)

රිය අනතුරින් චීන ජාතිකයා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 89 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 885 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site