(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම කුඩා කුඹුක්කඩවල ප්‍රදේශයේ ආරාමයක දසසිල් මාතාවක් අද (28) තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර ඇති බව මුන්දලම පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ මුන්දලම කුඩා කුඹුක්කඩවල ප්‍රදේශයේ ආරාමයක දසසිල් මාතාවක් ලෙස පැවිදිවී සිටි මාතාවක් බවත් ඇගේ ගිහි කළ සැමියා විසින් දසසිල් මාතාව ආරාම භූමිය තුළදී පිහියකින් ඇණ ඝාතනය කර ඉන් පසුව සැකකරුද වස පානය කිරීමෙන් පසුව මරණයට පත්ව ඇති බවත් මුන්දලම පොලිසිය කියයි.
ඝාතනයට ලක් වූ දසසිල් මාතාව පෙබරවාරි 8 වැනි දින සසුන් ගතව ඇති අතර සසුන් ගත වීමට පෙර තම සැමියා සමඟ ආරාමයට පැමිණ ඇත.
බිරිඳ සසුන් ගත වීමේන් පසුව ඝාතනය සිදුකළ සැමියා ආරාමය ආසන්නයේ පෞද්ගලික ඉඩමක මුරකාර සේවයට ගොස් ඇති බවත් දෙදෙනොට දරුවන් තිදෙනෙකු සිටින බවත් ඔවුන් මේ වන විට විවාහ වී ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.
ආරාම භූමියේදී දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වී බවත් ඉන් පසුව අදාල තැනැත්තා පිහියකින් දසසිල් මාතාවට ඇණ බරපතල තුවාල සිදුකර තිබූ බවත් පසුව ගිලන් රථයක් ගෙන්වා දසසිල් මාතාව මුන්දලම දිසා රෝහලට ඇතුළත් කරන විටත් අපවත්වී සිටි බවත් පොලිසිය පවසයි.
ඝාතනයට සම්බන්ධ පුද්ගලයා ආරාම භූමිය තුළදීම වස පානය කර ඇති අතර ඔහුද මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරීමේන් පසුව මරණයට පත්වූ බව මුන්දලම පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
80
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
938
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දසසිල් මාතාවක් පිහියකින් ඇණ මරා දමලා