IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වතුපාලන අධිකාරියට එරෙහිව කම්කරුවෝ පාරට

(රංජිත් රාජපක්ෂ )

හැටන් පොලිස් වසමට අයත් හැටන් ඩන්බාර් තේ වතු යායේ ඉඩම් වලින් පර්චස් 20 පමණ කොටසක් හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට වතු පාලන අධිකාරිය විසින් ලබාදිමට විරෝධය පාමින් එම වතු යායේ වතු කම්කරුවෝ අද  (07) වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.

තේ වත්තේ වසර ගණනාවක් වැඩ කරන තමන්ට නිවසක් හෝ වගා කිරිමට කිසිදු ඉඩම් කැබැල්ලක් වතු පාලන අධිකාරිය විසින් ලබා නොදි පිටස්තර පුද්ගලයෙකුට තේ වත්තෙන් ඉඩම් කැබැල්ලක් ලබාදිමට තමන් ඉඩ ලබානොදෙන බව උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියහ.

උද්ඝෝෂණය අතරතුරට පැමිණි ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපතිවරයෙකුටද උද්ඝෝෂණයේ නියැලි පිරිසගෙන් දැඩි විරෝධයක් මතු වූහ.

තේ වතු සතු ඉඩම් වතු පාලන අධිකාරිය විසින් මෙසේ පිටස්තර පුද්ගලයන්ට ලබාදිම සම්බන්ධයෙන් තම වැටුපෙන් ජිවත් වන වතුකරයේ වෘත්තිය සමිති නායකයින් කිසිදු පියවරක් ගන්නා බවටද උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවෝ පැවසිය.‍ෙ



අදහස් (0)

වතුපාලන අධිකාරියට එරෙහිව කම්කරුවෝ පාරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site