IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරින් අයෙක් මරුට

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුරයේ සිට කළුතර බලා ගමන් ගනිමින් තිබු වැන් රථයක් නාච්චාදුව හන්දිය ආසන්නයේ කාර්මික දෝෂයක් නිසා නවතා තිබු බස් රථයක පසුපස ගැටිමෙන් වැන් රථයේ ගමන් ගත් 69 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු   බරපතල තුවාල ලබා ඇතැයි කවරක්කුලම පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ කැකිරාවේ පදිංචි එච්.එම්.ප්‍රේමරත්න(69)හැවිරිදි පුද්ගලයෙකි.

වැන් රථයේ ගමන් ගත් මෙම පිරිස කළුතර ප්‍රදේශයේ පදිංචි නෑදැයන් පිරිසක් බව පොලිසිය කියයි. ඔවුන් කළුතර සිට අනුරාධපුර අටමස්ථානය වැද පුදා ගෙන සිය නිවෙස් බලා යමින් සිටියදි මෙම අනතුරට ලක්වි තිබේ.

වැන් රථය අනතුරට පත්විමෙන් මිය ගිය පුද්ගලයාට අමතර   කුඩා දරුවන් පස් දෙනෙකුත් කාන්තාවන් සිවු දෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුත් බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.වැන් රථයේ රියදුරාද තුවාල ලැබුවන් අතර සිටිති.

වැන් රථයේ රියදුරා මේවන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. සිද්ධිය සම්බන්ධයෙන් කවරක්කුලම පොලිසියේ ස්ථානාධිපති ඒ.කේ.හේරත් මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.



අදහස් (0)

රිය අනතුරින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 100 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 939 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site