
( තිලකරත්න දිසානායක)
බදවා ගැනීමේ පරිපාටියට පටහැනිව බහු කාර්ය සාධක විශේෂ කාර්ය සාධන බලකායෙන් රෝහල් තනතුරු සඳහා පත් කිරීමට විරෝධය පළ කරමින් අද (19) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහිද සෞඛ්‍ය කාර්ය සහායකයින් වර්ජනයක නිරත වූහ.
සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව මගින් මෙම වර්ජනය සංවිධානය කොට තිබු අතර වර්ජනයට එක්ව සිටි ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ ගම්පහ රෝහල් ශාඛා සභාපති ආර්. කේ.පී. රත්නායක මහතා සදහන් කර සිටියේ මෙම වැඩ වර්ජනයට ගම්පහ රෝහලෙහි විදුලි සෝපාන සහ මෘත ශරීරාගාර සේවකයින් හැර අන් සියලුම සෞඛ්‍ය කාර්ය සහායකයින් එක්ව සිටින බවත් මෙම වර්ජනය හෙට දිනයේද , සංකේත වැඩ වර්ජනයක් ලෙසින් පැවැත්වෙන බවත්ය.
වර්ජනය තත්ත්වය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කොට සිටියේ , අපහසුතා මධ්‍යයේ රෝගී සත්කාරක කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බවය.


2025 දෙසැම්බර් මස 18
249
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ මහරෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකයින් වර්ජනයක