( තිලකරත්න දිසානායක.)
ගම්පහ නගරයට නුදුරුව පිහිටි ඉන්ධන පිරවුම්හලක කලහකාරී ලෙස හැසුරුණු බව කියන පුද්ගලයින් දෙදෙනකු අද සවස අත් අඩංගුවට ගත බව ගම්පහ පොලීසිය සඳහන් කරයි.
කලබලකාරී ලෙස හැසිරීම මත එය මැඩපැවැත්වීමට ගිය පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වදිමින් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම මත මොවුන් අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සැකකරු අද දිනයේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ - ජා ඇල පාරේ අකරවිට ඉන්ධන හලේ ගමේ රස්තියාදු කාරයින් පිරිලා. සෙරෙප්පු, සපත්තු මහන අය පවා ඉන්නේ ෂෙඩ් එකේ අයිතිකාරයන් විදිහටයි. ලොකු කෑන්වලට තෙල් ගහගෙන වැඩි මිලට විකුණනවා. කරුණාකර ගම්පහ පොලීසියේ නිලධාරින් මේ ගැන සොයා බලන්න...