IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


‘හැදිච්ච මිනිස්සු එක්ක ඉදිරියට යනවා මිස මිනිස්සු හදන්න බෑ’

(විනීතා එම්  ගමගේ)

රට හදන්නට මිනිසුන් හද හදා සිටින්නට වෙලාවක් නැති බැවින් හැදිච්ච මිනිසුන් සමඟ රට පෙරට ගෙන යන්නට ජනාධිපතිවරයා  කටයුතු කළ යුතු යැයි දේශය සුරැකිමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.

ජාත්‍යන්තර සම්මුති දෙස බලා ඒවා නිවැරදි කරගන්නට කටයුතු කළ යුතු නමුත් මේ රට සිංගප්පූරුවක් හෝ මැලේසියාවක් කළ යුතු නැති බවත් රට අපේ රට ලෙසම අපේ ආරෙට සංවර්ධනය කළා නම් ප‍්‍රමාණවත් වන්නේ යැයි ද උන්වහන්සේ පැවැසූහ.

බඩු මිල ටිකක් අඩු කරන්නට හැකිනම් අගනේ යැයි කී ගුණවංශ හිමියෝ ජනතාව ජනාධිපතිතුමන් ගැන තැබූ විශ්වාසය නොබිඳිනු ඇතැයි විශ්වාස කරන බව ද කියාසිටියහ.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද (24) පැවති යුතුකම සංවාද කේන්ද්‍රයේ මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ උන්වහන්සේ මහ මැතිවරණයත් ළඟ එන බැවින් ජනතාවට සහන දී ජනතාව දිනාගැනීම ජනාධිපතිවරයා අතේ ඇතැයි ද පැවසූහ.

අමාත්‍යංශ්‍ය ලැබුණේ යැයි කියා එහි වාහන සියල්ල රැගෙන හත්මුතු පරම්පරාවම දමාගෙන යන්නට සූදානම් නොවන්නැයි ඇමැති මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවද ඒ පිළිබඳව තමන් අවධානයෙන් සිටින බවද ජනතාව මේ සියල්ල දෙස සියුම්ව බලා සිටින බවද ගුණවංශ හිමියෝ කීහ.

දේශපාලඥයන් පරිත්‍යාග කළ යුතු බව ද මේ තාවකාලික ආණ්ඩුවේ කාර්යාල ගැනීම්, වාහන ගැනීම් නොකර ආදර්ශයක් දෙන්නට ඔවුන් සූදානම් විය යුතු බව ද කී උන්වහන්සේ කලින් ජනාධිපතිවරයා ගමනක් යන විට වාහන 17 ක් ගිය බවත් ගිනි නිවන රථයක් හා ගිලන් රථයක් ද ඒ සමඟ යනු දුටු තමන් එහි අඩු හරස් එකක් හා හාමුදුරුවරු කෙනෙක් පමණක් යැයි සිතූ බව ද පැවසූහ.

එසේ බලනවිට මේ ජනාධිපතිවරයා පත්කර ගැනීම ගැන ජනතාවට පින් දෙන්නේ යැයි පැවසූ ගුණවංශ හිමියෝ එෆ්සීඅයිඩීය වැනි අනවශ්‍ය ආයතන ඉවත්කර එයින් කරන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමට කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද පැවැසූහ.

දේශපාලඥයින් ගත් වැරදි තීරණ නිසා දක්ෂ පරිපාලන නිලධාරියකු වන ලලිත් වීරතුංග මහතා වැනි නිලධාරින් දුක් විඳින බවත් ඒවා ගැන සොයා බැලිය යුතු බවත් උන්වහන්සේ තවදුරටත් පැවසූහ.

මෙම මාධ්‍ය හමුව ඇමතූ යුතුකම සංවාද කේන්ද්‍රයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා මෙවර මැතිවරණයේ දී සිදුවූයේ 2015 පත් වූ ආණ්ඩුව ආරම්භයේ සිටම කළ ක‍්‍රියාවන් පරාජය කිරීමක් යැයි කියා සිටියේය.

ජනතාව මෙවර ඡන්දය දුන්නේ වෙන කිසිවක් ගැන සිතා නොව රට ගැන සිතා පමණකැයි ද එය විජාතිකත්වයට එරෙහි ස්වදේශීකත්වය වෙනුවෙන් වූ ඡන්දයක් යැයි ද පැවසූ කුමාරතුංග මහතා එය කප්පම් නොදෙන දේශපාලනයක් වෙනුවෙන් වූ ඡන්දයක් යැයි ද කියා සිටියේය.

30 අවුරුදු යුද්ධයක් පරාජය කළ රටකට රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ප‍්‍රබල රාජ්‍ය ව්‍යුහයක් අවශ්‍ය වන්නේ යැයි ද ඒ වෙනුවෙන් දුන් ජන වරමින් පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඉදිරිපත් කළ යෝජනා ජනතාව පිළිගත් බව යැයි ද හෙතෙම සඳහන් කළේය.

එහි දී මාධ්‍යවේදියෙක් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් කුමාරතුංග මහතා තමන්ට නව රජයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාරකම බාරගන්නා ලෙස ඇරයුම් ලැබුණු නමුත් එය බාර නොගත් බවත් එවැනි තනතුරක් ගතහොත් එයට පූර්ණ කාලීනව කැපවිය යුතු බැවින් ද තමන් යුතුකම සංවාද කේන්ද්‍රය වෙනුවෙන් පූර්ණකාලීනව වැඩ කරන බැවින් එයට කැපවිය නොහැකි බැවින් ද එම තනතුර බාර නොගත් බව කීය. 



අදහස් (3)

‘හැදිච්ච මිනිස්සු එක්ක ඉදිරියට යනවා මිස මිනිස්සු හදන්න බෑ’

Indika Sunday, 24 November 2019 11:21 AM

මොනවත් කරන්න ඕනෑ නැහැ. සියලුම දරුවන්ට හොඳට අධ්‍යාපනය දෙන්නකෝ... එතකොට පරම්පරා කීපයකින්වත් අපේ මිනිස්සු අලුතින් කියන්න පටන් ගනියි.

:       0       0

විජිත් Sunday, 24 November 2019 01:19 PM

එතකොට ඊයේ මේ රටේ අගමැතිවරයා වාහන 15 අරගෙන කොහේදෝ ගිය බව ඔබවහන්සේට පෙනුනේ නැතිද....? ආ මට අමතක වුණා.. දිවැස් නැහැනේ. දිවැස් තිබෙන්නේ සිල්වත්, ඒ වගේම බුදුන් දෙසූ ධර්මය අනුගමනය කර මාර්ගඵල ලබාගත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිල්වත්, සුපේක්ෂාකාමී ස්වාමින් වහන්සේලාට පමණයි. ඒ අය පමණයි නියම බුද්ධ පුත්‍රයන් වෙන්නේ. ඔය ඩුප්ලිකේට් කට්ටිය තමයි නිදහස ලැබිලා අවුරුදු 71 යනකම්ම රට කාපු හොර කල්ලි දෙකටම අනුශාසනා කලේ..!!! මේ රටේ සිටින " සිල්වත් " සුපෙක්ෂකාමි හිමිවරුන් අතළොස්සටයි මේ..." හිමිවරුනේ ඔබවහන්සේලාට නිවන් සුව අත්වේවා...!!! "

:       0       0

kamani Sunday, 24 November 2019 01:24 PM

හෙට අනිද්දා රටේ වියදමට සල්ලි මදිවෙද්දී ආණ්ඩුව හොරෙන්ම mcc ගිවිසුම අත්සන් කරන එක නවත්වන්න ඔබට පුලුවනිද...? බැහැ...!!! අනිවාර්යයෙන්ම බැහැ. ඔබ එ්කටත් මොනවා හරි දෙයක් කියාවි... ඔය ගිවිසුමට අත්සන් කළ දවසට මේ රට ලේ විලක් වෙනවා.. ගෝඨාට ඒවා කරලා පුරුදුයි.. මීට කලිනුත්... ඔබත්, ඔබගේ වහල්ලුනුත් ප්‍රවේශම් විය යුතු කාලයක් ළඟදීම එනවා. එදාට හමුදාවේ ආරක්ෂාව ඔබට ලැබෙන්නේ නැහැ. හමුදාව මහජනතාවත් එක්ක රට රැකගන්න පෙරට එනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1122 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1134 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 430 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site