IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ස්වාධීන මන්ත‍්‍රීවරයකුට වුවත් අග‍්‍රාමාත්‍යධූරය ලබා ගැනීමට පුළුවන්

(නිමල කොඩිතුවක්කු)       
 
ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට සිටින ස්ථාවරයට අනුව ස්වාධීනව පාර්ලිමේන්තුවට  පත්වූ මන්ත‍්‍රීවරයකුට වුවත් අග‍්‍රාමාත්‍යධූරය ලබා ගැනීමට හිමිකම ලැබෙතැයි මහනුවර දිස්ත‍්‍රික්  පාර්ලිමේන්තු මන්ත‍්‍රී  ලක්ෂ්මන් කිරිඇල්ල  මහතා පැවැසීය.


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වනනේ ජනාධිපතිට  ලැදි හිතවත් හීලෑ පුද්ගලයා අගමැති බවට පත්කිරීම නොව පාර්ලිමේන්තුවේ  බහුතර සහාය හිමිවන තැනැත්තා අග‍්‍රාමාත්‍යධුරයට පත්කළ යුතු  බව යැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවැසීය.


ඩී.බී විජේතුංග  මහතා විධායක ජනාධිපතවරයා වශයෙන් තම පක්ෂයේ ප‍්‍රතිවාදිනිය වූ  චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය ප‍්‍රතිවාදියා වූ රනිල් වික‍්‍රමසිංහ මහතාත් අග‍්‍රාමාත්‍යධූර වලට පත් කළේ පුද්ගලික හිතවත් හෝ අමනාපකම් මත නොව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ  ප‍්‍රතිපාදන අනුව බව යැයි ද කිරිඇල්ල මහතා වැඩිදුරටත් කීවේය.


ජනාධිපති මෛත‍්‍රිපාල  සිරිසේන මහතා සඳහන් කරන ආකාරයට රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ වැඩකිරීමට නොහැකිනම් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි රනිල් වික‍්‍රමසිංහ  මහතා අග‍්‍රාමාත්‍යධූරයට පත් නොකර සිටීම නොව තම ජනාධිපතිකම අතහැර යාම යැයිද  කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය.


මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අභිමතයට මේ අවස්ථාවේදී ඉඩදුන හොත් එය පූර්වාදර්ශයක්  කරමින් අනාගතයේ පත්වන ස්වාධීන පුද්ගලයකුට වුවද ශ්‍රී ලංකාවේ අග‍්‍රාමාත්‍ය ධූරයට  පත්වීමට හැකිවෙතැයිද  ලක්ෂ්මන්  කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළේය.



අදහස් (0)

ස්වාධීන මන්ත‍්‍රීවරයකුට වුවත් අග‍්‍රාමාත්‍යධූරය ලබා ගැනීමට පුළුවන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1169 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site