(ඉන්දිකා රාමනායක)
දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ගවල 2018 වසරේ රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 77111 ක් ලබාගෙන ඇති බව රථවාහන පොලිස් මුලස්ථානය කියයි.
මින් නඩු 27681 ක් අධික වේගයෙන් ධාවනය කිරීම සම්බන්ධයෙන් ද, 84 ක් බීමතින් රථවාහන ධාවනය කිරීම සම්බන්ධයෙන් ද, 18631 ක් සංඥා ලාම්පු නොදැල්වීම සම්බන්ධයෙන් ද, 1005 ආසන පටි නොදැමීමෙන්ද, 1461 ක් ජංගම දුරකතන භාවිතා කරමින් රථ ධාවනය කිරීම හේතුවෙන් නඩු ලබාගෙන තිබු බව රථවාහන පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම වසරේ අධිවේගී මාර්ගයේ අනතුරු 597 න් සිදුව ඇති බවත් ඉන් 8 දෙනකු මියගොස් 101 දෙනෙකු තුවාල ලබා ඇති බවද පොලිසිය කියයි.
අධිවේගී මාර්ග විවෘත කළ දිනයේ සිට මේ දක්වා සිදුවූ රිය අතුරුවලින් පුද්ගලයන් 31 දෙනකු මියගොස් තවත් 462 ක් තුවාල ලබා ඇති බවද පොලිසිය කියයි.
2019 වසරේ නව තාක්ෂණය භාවිතා කරමින් රිය අනතුරු අවම කිරීමට වැඩසටහනක් කි‍්‍රයාත්මක කර ඇති බව රථවාහන බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඉදිරියේ දී අධිවේගී මාර්ගයේ අධික වේගයෙන්, බීමතින්, ආසන පටි නොදමා, ජංගම දුරකතන භාවිතා කරමින්, රථ ධාවනය කරන රියදුරන්ට එරෙහිව නව තාක්ෂණය ඔස්සේ දැඩි නීතිමය පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 04
224
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුපිරි මඟේ රථවාහන වැරදි නඩු 77,111 ක්