IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානය ඉටුකරන්නේ එජාපයේ කොන්ත්‍රාත්තුවක්

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය බව කියමින් එක්සත් ජාතික පක්‍ෂයේ කොන්ත‍්‍රාත්තුවක් ඉටුකිරීමට පිරිසක් සූදානම් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසීය.

ඔවුන් ඉදිරිපත් කරන තර්ක අනුව එම හඬ පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න තහවුරු වන බව ද මහ ලේකම්වරයා සඳහන් කළේය.

ඔවුන්ගේ සැබෑ පරමාර්ථය එජාපය යටතේ ඇති ආයතනවල සභාපති, උපසභාපති ධූර ලබාගැනීම මිස පක්‍ෂය ආරක්‍ෂා කිරීම නොවන බව කී මහාචාර්යවරයා එම කණ්ඩායම සමඟ සංවිධායකවරු 40ක් සිටින බව කීවත් එවන් සංඛ්‍යාවක් නැතැයි ද පැවසීය.

ඉතිහාසයේ සිට මීට පෙර අවස්ථාවලදී ද පක්‍ෂ කැඞීමේ උත්සාහයන් ක‍්‍රියාත්මක වූයේ පක්‍ෂය රකින බව සඳහන් කරමින් යැයි කී රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා එසේ කළ අය අවසානයේ නතර වුණේ එක්සත් ජාතික පක්‍ෂයේ බව ද කීවේය.

මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී.ල.නි.පය පළාත් පාලන මැතිවරණයේදීද පරාජය වූයේ එක්සත් ජාතික පක්‍ෂය සමඟ සිටි නිසා යැයි කී මහාචාර්යවරයා රටට ආදරේ නම් එම තත්ත්වය තේරුම් ගෙන වෙනස් විය යුතු බව ද ප‍්‍රකාශ කළේය.

පක්‍ෂයේ යම් යම් ප‍්‍රතිවිරෝධතා ඇති බව කී පියදාස මහතා ආණ්ඩුවට සහය දුන් අය සම්බන්ධයෙන් ගත යුතු විනය ක‍්‍රියාමාර්ගවල ස්වභාවය ගැන පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කරන බව ද පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ එදා පොදුජන පෙරමුණට සහය දුන් අයට මෙන්ම අද එජාපය හා එක්වූ අය සම්බන්ධව ද විනය පියවර නොගැනීම වරදක් බවත්, වර්තමානයේ පක්‍ෂයේ අර්බුද ඇතිවී තිබෙන්නේ ඒ නිසා බවත්ය.

සමහරුන්ට තිබෙන්නේ රාජපක්‍ෂ වෛරයක් බව කී මන්ත‍්‍රීවරයා දැන් ජනාධිපතිවරයාට දොස් කියමින් මාධ්‍ය හමු පවත්වන අය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න ඉදිරියේදී හෙළි වනු ඇතැයි ද කීවේය.

රාජපක්‍ෂ මහතාගේ වැරදි මෙන්ම වික‍්‍රමසිංහ මහතාගේ වැරදි ගැනත් තමන්ටද විවේචන තිබෙන බව කී ජයසේකර මහතා රාජපක්‍ෂ වෛරය හා රනිල් වික‍්‍රමසිංහ වෛරය අනුව දේශපාලන තීන්දු ගත නොහැකි බව ද සඳහන් කළේය.

පක්‍ෂ දෙකක සහය ලබාගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇමති මණ්ඩලය 35 දක්වා වැඩි කරගැනීමට එජාපය උත්සාහ කරන බව කී මන්ත‍්‍රීවරයා ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානයක් ඇති කර පක්‍ෂයෙන් කඩාගන්නා පිරිසක් එක්කර ගතහොත් ඒ දේ කළ හැකි බව ද කීවේය.

පක්‍ෂයට නව සංවිධායකවරුන් පත්කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇතැයි ද කී ජයසේකර මහතා වෙනත් පක්‍ෂවලට සහය දෙන අය ගැන තීරණයක් ගැනීමට සිදුවන බව ද පැවසීය.

ඡායාරූප - ඉෂාන් සංජීව 

 



අදහස් (0)

ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානය ඉටුකරන්නේ එජාපයේ කොන්ත්‍රාත්තුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site