(නිමල කොඩිතුවක්කු)
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බවත් එය පක්ෂයේ සියලූම දෙනාගේ ඒකමතික අපේක්ෂාව බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක මහින්ද සමරසිංහ මහතා කොළඹදී අද (9) පැවසීය.
ජනාධිපතිවරණය කලින් පැවැත්වීමේ කිසිදු වුවමනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බව පෙන්වා දුන් සමරසිංහ මහතා එය නියමිත දිනට පමණක් පවත්වන බවත් කියා සිටියේය.
ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිරන්තරයෙන් සාකච්ඡා සිදුකරමින් පවතින බවද ඔහු සදහන් කළේය.
ජනාධිපතිවරණය සඳහා සියයට 50ක් අපේක්ෂකයකු ලබා ගත යුතු බව සඳහන් කළ ඒ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 42% ඡන්ද ප‍්‍රතිශතයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියයට 15ක ඡන්ද ප‍්‍රතිශතය හිමිවූ විට මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඊළඟ ජනාධිපතිවරණය පහසුවෙන්ම ජයගත හැකි බවයි.
කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (9) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
2025 දෙසැම්බර් මස 04
224
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්‍රීලනිපයේ ඊළඟ අපේක්ෂකයා ජනපති බව සමරසිංහ කියයි