IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


'ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ශක්තිමත්'

(නිමල කොඩිතුවක්කු)

 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය   සුරැකීමේ  නව  සංවිධානය වටා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 18ක්, ආසන සංවිධායකවරු  24ක් සහ ආණ්ඩුකාරවරයෙකු  සිටින බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල සම සංවිධායක ජී. එච් බුද්ධදාස මහතා කොළඹදි අද (03) පැවැසීය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කොළඹ මහජන පුස්තකාලයේදි කැඳවූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී. එච් බුද්ධදාස මහතා මෙසේද කීවේය. ‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් අපේ ජීවිත කාළයම  කැපවෙලා තියෙනවා. ඒත් අද අපි ඉතාම වේදනාවෙන් පසුවෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය දැන් ඉතාම ශක්තිමත්ව ඉදිරියට  යමින් තිබෙනවා. අද වනවිට අපිට ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු 21 දෙනාගෙන් 18ක් පැහැදිලිවම  අපිත් එක්ක ඉන්නවා. ආසන සංවිධායකවරු  24ක් ඉන්නවා.
 
 තිරය පිටිපස්සේ ආණ්ඩුකාරවරයෙකුත් ඉන්නවා. මේ ශක්තිය තුළින්  තමයි අපි භය නැතුව එළියට බැහැලා  මේ විදියට කටයුතු කරන්නේ.
 
මෛත‍්‍රිපාල සිරිසේන මහතා අපි එළවනවා කියලා තියෙනවා. අපි පක්ෂයෙන්  එලෙවුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ගහලා එලෙවුවත් අපි එක්සත් ජාතික පක්ෂයට හෝ වෙන පක්ෂයකට යන්නේ නැහැ.
 
මේකත් හරියට වතුර බේසමකට රබර් බෝලයක් දාලා අතින් අල්ලන් ඉන්න තාක් කල්  බොලේ උඩ එන්නේ නැහැ. අත ගත්ත ගමන් තමයි  බෝලේ  උඩ එන්නේ. අන්න එතකොට ඒ 18 දෙනා එළියට ඒවි.
 
මෛත‍්‍රිපාල සිරිසේන මහතා පුන පුනා කිවුවා මම ඉන්නතාක් කල්  ජීවිතේට මහින්ද රාජපක්ෂ කෙනෙකුට මේ රටේ අගමැති කෙනෙක් වෙන්න දෙන්නේ නැහැ කියළා. දෛවයේ සරදමක් වගේ එතුමා  විසින්ම මහින්ද රාජපක්ෂ මහතා අගමැති බවට පත් කළා.
ඒ ඒක්කම කිවුවා පාර්ලිමේන්තුවේ 225ම  අත්සන් කළත් රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති කම දෙන්නේ නැහැ කියළා. දුන්නොත් ජනාධිපතිකමේ පැයක්වත්  ඉන්නේ නැහැ කිවුවා. දැන් පැය නෙමෙයි සති ගාණක් වෙනවා තවමත් මෛත‍්‍රිපාල සිරිසේන මහතා අස්වුනේ නැහැ.
 
ජනාධිපතිවරයා මේ රටේ  ව්‍යවස්තාව උල්ලංගනය කළා කියළා අගවිනිසුරුතුමා ඇතුලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 07ක් ඒකමතිකව තින්දුවක් දිලා තියෙනවා. අද ජනාධිපතිවරයා මේකට කොටු වෙලා ඉන්නවා. මේක එතුමන්ට ඉතාම අසුබ පෙර නිමිත්තක් විදියට තමයි අපි දකින්නේ.



අදහස් (1)

'ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ශක්තිමත්'

අනුෂා ප්‍රියන්ති Wednesday, 06 November 2019 10:11 AM

අපගේ බලවත් කණගාටුව... බණ්ඩාරනායක මැතිතුමා මැරු එක්සත් ජාතික පක්ෂය ඔබේ ස්වාමියා වන විජය කුමාරතුංග මහතා ඝාතනය කළ එක්සත් ජාතික පක්ෂය ඔබේ මවගේ ප්‍රජා අයිතිය අහෝසි කළ එක්සත් ජාතික පක්ෂය ඔබතුමිය සඳහන් කළ පරිදි විමුක්ති කුමාරතුංග පුතාට රාජකීය විද්‍යාලය ලබා නොදුන් රනිල් වික්‍රමසිංහ ඉන්න එක්සත් ජාතික පක්ෂය අනුර බණ්ඩාරනායක මහතාට අපහාස කළ එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකට හිටගන්න පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 224 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site